පාර වැහෙන්න සෙනඟ
“ඇක්සිඩන්ට් එකක් ද?”
මං කිට්ටු කරලා ඇහැව්වා.
“නැහැ චෛත්‍යයක් හදනවා.”
ලොරි පිරෙන්න පස් එනවා.තව කට්ටියක් එතැන තියෙන ඉඩමේ පස් තරගෙට වගෙ කප කප ගොඩ කරනවා.
“පස්වලින්ද චෛත්‍යය හදන්නෙ?”
මම පස් කඳු ගහන කෙනෙක්ගෙ කණට කරලා ඇහැව්වා.
“පිස්සුද ඕයි,මේ හදන්නෙ චෛත්‍යය හදන කන්ද”
මට මනුස්සය කියපු දේ තේරුණේ නැහැ.
“අපේ හාමුදුරුවොත් ඉස්ටයිල් එකට චෛත්‍යයක් ගහන්න කන්දක් බැලුවා.එක කන්දක් නැහැ ඕයි.හැම එකේම චෛත්‍යය.හාමුදුරුවො නිවන් දකින පෙරුම් පුරාගෙන දකින ආසාවනෙ.ඒක ඉෂ්ඨ කළොත් අපිත් නවතින්නෙ තිව්තිසාවෙ වගෙ තැනක.ඒ නිසා ඉස්සෙල්ලම අපි චෛත්‍යයක් ගහන්න උස කන්දක් හාමුදුරුවන්ට හදලා දෙන්න තීරණය කරා.”
මනුස්සය දීර්ඝ විස්තරයක් කරා.
“කොච්චරක් උසට හදන්න ද හිතාගෙන ඉන්නෙ.?”
“මේ වටේ තියෙන කඳුවලට වඩා උසට මේ කන්ද ගහන්න ඕනි ඉතිං”
මනුස්සය බොහොම උජාරුවෙන් කියනවා.
“බුදු අම්මේ ඒ තරම් උස්සලා ඊට පස්සෙ ඒක උඩට සිමෙන්ති, ගල් අදින්නෙ කොහොමද? පුදුම දුකක්නෙ”
මට නිකංම කියවුණා.
“දුක් විදින්නෙ නැතුව පිං රැස් කරගන්න පුළුවන්ද හලෝ”
මනුස්සයගෙ වචන ටිකක් සැර වුණා.
“මෙහෙම කන්දක් ගැහැව්වම පරිසරයෙ ගහ කෙළට,සතා සීපාවට හානියක් වෙන්නෙත් නැහැ.අපි කන්ද හදලා ගසුත් වවනවා.”
ඇත්තටම කඳු කප කපා උල්පත් පවා සිඳ සිඳ චෛත්‍ය ගහන එකට වැඩිය ඒකනම් හොඳයි කියලා මටත් හිතුණා.ඒත් ඒ එක්කම මේ කන්දක් තරමට පස් කපන් එන එකෙනුත් පරිසරයට හානියක් නේද කියලා හිතුණ නිසා ඒ සැනින් ඒකත් ඇහැව්වා.
මම ඔළුව යාන්තම් පහත් කරලා බේරගත්තෙ.මනුස්සය අතේ තිබුණ පස් ඇදපු සවල මගේ කණේ ගෑවී නොගෑවී ඒ අතට මේ අතට දෙපාරක් පියාඹද්දි මං කකුල් දෙකට පිං දිදී දුවන්න ගත්තා.
ඒ යනකොට තරුණ කණ්ඩායමක් තවත් තැනක පුංචි රැස්වීමක්.
“අපි මේක හොයන්න යන්නම ඕනි.”
තරුණයෙක් දැඩි හඬින් කියනවා.
හෙමින් සැරේ මේ හොයන්න යන්න හදන එක බලන්න මං ළඟා වුණා.
“ටයිටැන් එක නැති වුණා,ඒ ජීවිත නැති වුණා කියන එක ගැන කණගාටු වෙන්න.හැබැයි මෝඩ වැඩක් කියලා කවුරු හරි කියනවනම් ඒ මොහොතෙම ඒකට විරුද්ධ වෙන්න.ඒ මිනිස්සු ලෝකෙ ඉස්සරහට අරගෙන යන්න දායක වෙන අය.එයාල මෝඩයොවත් පිස්සොවත් නෙමෙයි.ලෝකෙ වෙනස් කරන්න ඒක ඉස්සරහට අරගෙන යන්න හිතන අය.”
ඇත්තටම මට තරුණයාගේ කතාව ගැන පුදුම ආසාවක් ආවෙ.දුවල් වඩාගෙන රවුමක් කරකවල බිමින් තියන්න හිතුවත් මනුස්සය මස් පර්වතයක් වගෙ නිසා කෙට්ටු මට උස්ස ගන්නවත් බැහැ.
“දැං මේ ඔයාලත් ටයිටැනික් බලන්න යන්නද ලැහැස්ති වෙන්නෙ.”
“නැහැ,අපේ රටේ නම අභ්‍යවකාශයට අරගෙන ගිය චී චී ප්‍රොඩක්ට් එක හොයන්න”
ඔන්න ඊට පස්සෙ කට්ටිය හිටපු ගමන්ම පන්සිල් ගන්න ගත්තා.මං නිශ්ශබිදව අහගෙන හිටියා.ඊට පස්සෙ ඒ හැමෝම ප්‍රාර්ථනාවක් කරන්න ගත්තා.ඒකෙ ඉල්ලීම කළෙ රාවණගෙන්.
“දඩුමොණරය හදපු පිං බිමේ රාවණගේ ආශිර්වාදයෙන් ලොව උත්තමම ජාතිය වන සිංහල ජාතියේ අභිවෘද්ධියට මේ පොළවට පහළ වූ පර ජාතීන් නසා දෙවැනි කොට සිංහලය බබලවන්නට මුල් වූ පරපුරක උතුම් පංචි පුත් රත්නය චී චී යැවූ සැටලයිටය දකින්නට යන්න අපිට තාක්ෂණය පහළ වේවා.ඒ සඳහා බැංකු ණය ලැබේවා.”
මං ප්‍රාර්ථනය හමාර වෙන්න ඉස්සරම එතැනින් පිට වුණා.ළඟදිම කොහෙන් හරි වෙන ලෝකයකින් මතුවන නයෙක් හරි ගැරඩියෙක් හරි චින ප්ලාස්ටික් බෝතලේක වැඩ සිට දක්වන මහා ප්‍රාතිහාර්යයට මේ තරුණ කැළ පොලිම් හසුරුවන හැටි මට මැවි මැවී පේන්න ගත්තා.විලාසිතාවට ලස්සන වචන කතා කරාට තවම මොලේනම් කැළයක් වගෙ කියලා මට හිතුණත් නයි මතුවෙන සමාජෙ ආයෙ ඉපැදෙමින් තියෙන වග දැණුනම,ඒක ආගමෙන් පළල් කරන බවත් තේරුණාම මුනිවත් හොඳයි දෙබසින් දුක වැඩි හින්දා කියලා මං හිතාගත්තා.
චෛත්‍ය හදන්න කඳු හදන,චී චී වෙනුවෙන් අභ්‍යවකාශයට යන්න පෙරුම් පුරන මිනිස්සු දැක්කම පාත් වෙච්චි කඳු ආයෙමත් උස් වෙලා මිනිස්සු යට වෙන්න ආසන්න තැනක ඉන්න බව තේරුණා.
ද ක්ලීනර්