*
Sunday, June 30, 2024
spot_img

Latest Posts

සුහුරු පහසුකම් දරුවන්ට සහ පුරවැසියන්ට තිබුණොත් සත්‍ය දත්ත හා තොරතුරු මත විද්‍යාත්මකව තීරණ ගැනීමට හැකියි – සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

සුහුරු පහසුකම් දරුවන්ට සහ පුරවැසියන්ට තිබුණහොත් සත්‍ය දත්ත හා තොරතුරු මත විද්‍යාත්මකව තීරන ගැනීමේ හැකියාව ලැබෙන බවත් ආවේගශීලී තීන්දු තීරණවලින් තොරව කටයුතු කළ හැකි බවත් දත්ත කේන්ද්‍රීයව තීන්දු තීරණ ගත හැකි බවත් සුහුරු උපකරණයක වටිනාකම මෙය බවත් සුහුරු උපකරණ හරහා අප රටේ දරු පරපුරට වැඩිහිටි පරපුරට තරුණ පරපුරට තොරතුරු, සත්‍ය දත්ත හා ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමේ හැකියාව ලැබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 263 වැනි අදියර යටතේ ගම්පහ වත්තල තෙළඟපාත ශ්‍රී රතනපාල මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා (26) එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

ලෝකයේ හොඳම සිනමා ශිල්පීන් වන්නේ සිනමා කරුවන් වුවත් අප රටේ හොඳම රංගන ශිල්පීන් වී ඇත්තේ පාලකයෝ බවත් එම නිසා ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම ජනතාවගේ වගකීම බවත් මේ රජය සමහර දත්ත පවා සඟවා ඇති බවත් අර්ථ සාධක අරමුදලට වුණ බලපෑම ගැන පවා තොරතුරු මේ වන තෙක් හෙළිකර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය සුපිරි පන්තියට සලකා වැඩ කරන ජනතාව නොසලකා හැර ඇති බවත් මේ ක්‍රමය වෙනස් කළ යුතු බවත් ඒ සදහා පුරවැසියා දැනුමෙන් තොරතුරුවලින් සන්නද්ධ කළ යුතු බවත් ඒ සඳහා දැනුම කේන්ද්‍රීය ආර්ථිකය වැදගත් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තමා පාසල්වලට සම්පත් ලබා දෙන විට ඒවාට මුදල් දෙන්නේ කැසිනෝ කාරයින්, ජාවාරම්කාරයින් මුදල් දෙන බවට මඩ ප්‍රචාර දියත් කරන බවත් එවැනි මඩ ප්‍රහාර දියත් කරන අය මේ පාසල්වල අඩුපාඩු නොදකින බවත් ඔවුන් කයිවාරු ගහමින් යන බවත් මේ වන විට රටේ නායකයින් වැඩි වී ඇති බවත් ඒ අය අතරින් බහුතරයක් කයියනායකයින් වුවත් සමගි ජන බලවේගය කයිවාරුවෙන් තොරව වැඩ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ව්‍යාපෘතිවලට උදව් කරන්නේ ජාවරම්කාරයින් හෝ කැසිනෝ කාරයින් නොව අප රටේම සිටින දානපතීන් බවත් කොමිස්වලින් අල්ලසින් තොරව වැඩ කරන කණ්ඩායම්වලට උදව් කරන්න ඕනෑ තරම් පිරිස් සිටින බවත් මේ හැමදේම සිටින්නේ දරුවන්ගේ පක්ෂයේ බවත් දරුවන් වෙනුවෙන් යමක් කිරීම ඔවුන්ගේ අරමුණ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පාසල්වලට සම්පත් ලබා දෙන්න රජයට මුදල් නොමැති වුවත් බංකොලොත් රටේත් රජයේ සුරතල් ව්‍යාපෘති සඳහා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් වන බවත් ඔවුන්ට රටේ පාසල් දූදරුවන් ගැන කැක්කුමක් නොමැති බවත් රටේ පාලකයා ඔවුන්ගේ දූදරුවන් ගැන සිතනා ආකාරයටම රටේ දරුවන් ගැනත් සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 263ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2862ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan