උවිඳු නොදත් තාත්තාගේ කෙරුවාව ….

උවිඳු කියන N.N.P.ය ජ.වි.පෙ. අරමුණු වලින් බැහැරව ගමන් කිරීම රටට සිදුවන යහපතකි… ඒ ගැන අපි රටේ ජනතාව විදියට අපි N.N.P.යට ස්තූති වන්ත වෙන්න ඕන..

එදා 88,89 වකවානුවේ ජ.වි.පෙ. අරමුණ වූයේ රාජ්‍ය ආර්ථිකය බංකොලොත් කර ඒ හරහා දුර්වල වූ රාජ්‍යයේ බලය අල්ලා ගැනීමයි.. එහිදී රාජ්‍යයට ආදායම් ලැබූ තේ ෆැක්ටරි, ඩිපෝවවල්, සී.ටී.බී. බස් රථ ගිනි තබා විනාශ කිරීමට අන ලැබුනි…. එසේම ට්‍රාන්ස්ෆෝමර් පමණක් නොව නිවෙස්වල විදුලි මීටර් පවා කුඩුකර දැමීමට අන ලැබුනි, එයින් අපේක්ෂා කලේ රජයට ආදායම් එන විදුලි බිල් ගෙවීම් නැවැත්වීමයි..

ඇත්තෙන්ම රාජ්‍යය බංකොලොත් කිරීම යනු එදා ජ.වි.පෙ. ජීවිත පරිත්‍යාගයෙන් කල දෙයකි.. දැන් එය අපට සම්මුඛ වී තිබේ..

උවිඳු පුතා යෝජනා කරන්නේ ඒ මාවතද..?

එදා මෙදා තුර ලාංකීය ආර්ථිකය බංකොලොත් කිරීමට දායකවූ ප්‍රධාන බලවේග කීපයක්ම පවතී.. රට උලාකෑ රාජපක්ෂ සමාගමද, රාජ්‍ය බාෂාව සිංහල කරලා ලෝකයට නිරාවරණය වීමට තිබූ ශ්‍රම සම්පත ආවරනය කරපු සහ දීර්ඝ කාලීන වර්ගවාදී යුද්ධයකට පාර කපපු බණ්ඩාරනායද, ලෝක ආර්ථිකයෙන් දූපත් ආර්ථිකයකට ලංකාව කූඩු කරපු සිරිමගෙ හවුල් ආන්ඩුවද, 88,89 භීෂණය තුල ජීවිත පරිත්‍යාගයෙන් රාජ්‍ය ආර්ථිකය බංකොලොත් කිරීමට ඇප කැපවූ විජේවීර ද මේ අර්බූදයට වගකිව යුතුයි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...