මහින්ද චින්තනය කොට උඩ ගියා, රනිල්ගේ ප්‍රතිපත්තිය හරි ගියා – දිළුම් යළි වෙනස් වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වුණු අතර මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය සාර්ථක වී ඇති බවත් රට වෙනුවෙන් සහාය දිය යුත්තේ අසාර්ථක ප්‍රතිපත්තියකට නොව සාර්ථකව ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියට බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“මහින්ද ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල තිබුණා. ඒ වැඩපිළිවෙල සාර්ථක වුණේ නෑනෙ. නොවිකුණා ඔක්කොම රජයට තියාගෙන, කිසිම රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකර, සියලු දෙනා රජයේ සේවයේම තියාගෙන, විභාග පාස් නැති අයටත් රස්සා දීගෙන, සියලුම උපාධිධාරීන්ටත් රස්සා දීගෙන, තව මෝටර් සයිකලුත් දීගෙන, එහෙම වැඩක් ගියානෙ. ඉතින් ඒ ප්‍රතිපත්තිය හරි ගියේ නෑනෙ. වෙනත් ප්‍රතිපත්තියක් දරණ නායකයෙක් මේක භාරගත්තා. ඉතින් එතුමාගෙ ප්‍රතිපත්තිය දැන් හරි ගිහිල්ලානෙ ? එහෙනම් රට වෙනුවෙන් අපි සහාය දිය යුත්තේ වැඩ කරන ප්‍රතිපත්තියට මිසක් කොට උඩ ගිය ප්‍රතිපත්තියට නෙවෙයිනෙ.

අපේක්ෂකයෙක් දානවා කියලා සමහරු කියනවා, දාන්නෑ කියලා සමහරු කියනවා. කැලෑ පෝස්ටරයකුත් ගහලා තිබුණා. නමුත් පොදුජන පෙරමුණෙන් ඕනෙම කෙනෙක් නම් කෙරුවා කියලා අපට එහෙම වැඩකරන්න බෑනෙ. මම එක සැරේකුත් පක්ෂයේ තීන්දුවට විරුද්ධව ගිහිල්ලා මහනුවර මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ වේදිකාවට නැග්ගෙ ඒක කරන්න අවශ්‍ය නිසා. එහෙම කරන්න අවශ්‍ය නම් අපි කරන්නත් ලෑස්තියි”

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ගතවූ වසර දෙක තුළදී කලක් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දැඩිව පෙනී සිට, පසුව නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටින බවක් පෙන්වූ දිළුම් අමුණුගම මහතා මේ වන නැවත වතාවක් දැඩිව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවක් පෙන්නුම් කෙරෙමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...

ඔක්කම්පිටිය පොලීසියේ OIC අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ...

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා...

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...