අඳුරට ශාප නොකර රට වෙනුවෙන් එක පහනක් හරි දල්වන්න – රවී

Date:

කොළඹ LNW:වර්තමානයේ ජන ජීවිතය ඒ තරම් පහසු නැතත් එදා තිබුණු තත්ත්වයට වඩා අද රට ඉදිරියට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ නිසා අඳුරට ශාප නොකර රට-ජනතාව වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව ක්‍රියා කළ යුතු යැයි රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

“සමහර අය කිව්වා ඩොලරය රුපියල් 500ට යනව කියල. ඒ වගේම රටට ඩොලර් ගෙන එන්න ඉඩ නොදෙන බව ද මේ අවස්ථාවාදීන් එදා කියා සිටියා. ඒ විතරක් නොව මේ රටට එන්න එපා කියා සුද්දන්ට පවා කිව්වා. මේ රට ප්‍රතිසංස්කරණය කළ යුතු බව ද කියා සිටියා. කෙසේ නමුත් අවසානයේ මේ සියලු අභියෝහ භාර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළා. ඒ හේතුවෙන් අද ඩොලරය රුපියල් 300ට අඩු වෙලා. අද සුද්දො එනවා. රටට බෙහෙත්, කෑම සහ තෙල් ඇතුළු සියල්ල එනවා. පැය 24 පුරාවටම විදුලිය ලැබෙනවා. පෝලිම් යුගය අවසන් වෙලා. එහෙත් තවමත් ජන ජීවිතය පහසු නැහැ. මම ඒක පිළි ගන්නවා. හැබැයි එදා තිබුණු තත්ත්වයට වඩා රට ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා අඳුරට ශාප නොකර රට-ජනතාව වෙනුවෙන් අප සියලු දෙනා එකට එක්ව සමගියෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. අඳුරට ශාප නොකර එක පහනක් හෝ දැල්විය යුතුයි.” යනුවෙන් තවදුරටත් ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...