විනාශය බලා සිටි අයගේ අවසන් බලාපොරොත්තුව සහ ඊළඟ ප්‍රශ්නය

Date:

මේ ගෙවෙන්නේ රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබ, ඒ හේතුවෙන් රටේ මිනිසුන්ගේ හා ආයතන වල තැන්පතු අහිමි වී, පොලී කප්පාදු වී, ස්ථිර තැන්පතු ආපසු ලැබෙන කාලය දිගු වී, රටේ බැංකු ටික කඩා වැටී, ලෝක විනාසය සිදු වන තුරු බලා සිටි අයගේ අවසන් බලාපොරොත්තුවද අවසන් වීමට පෙර ගෙවෙන අවසන් පැය කිහිපයයි.

අදාළ තොරතුරු ප්‍රකාශයට පත් වූ වහාම ඒ ගැන වැඩි විස්තර කතා කරමු. එතෙක්, අප විසින් මේ ගැන පසුගිය මාස ගණනාවක් මුළුල්ලේ ලියා පළ කර ඇති සටහන් හා පාඨක ප්‍රතිචාර සඳහා ලබා දී ඇති පිළිතුරු කියවා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මේ මොහොතේ දැවෙන ප්‍රශ්නය වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ බිල්ලා මිය යාමෙන් පසුව ලබන සතියේ සිට ප්‍රයෝජනයනට ගැනීම සඳහා මැවිය හැකි අලුත් බිල්ලා කුමක්ද යන්නයි.

ඒ අතරම, වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ඉකොනොමැට්ටාගේ බොජුන්හල ප්‍රධාන වියුණුව සඳහා වත්පොත තුළ වූ වාරණයද මේ වන විට ඉවත්ව ඇති බව සතුටින් දැනුම් දෙමු. මේ අනුව, නැවතත් වියුණුවෙහි පළ කර ඇති ලිපි වත්පොත හරහා බෙදා ගත හැකියි. මෙම කාලය තුළ අපව දිරිමත් කරමින් සහයෝගය දැක්වූ සියල්ලන්ට අපගේ ස්තුතිය.

ලොකු විනාසයක් වන තුරු බලා සිට ඒ පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගන්නට සිදු වන අයගේ සබන් බුබුළු කඩා වැටීම පිළිබඳව අප කණගාටුවට පත් වන අතර එවැනි අය තවදුරටත් මානසික ආතතිය වැඩි කර නොගෙන මේ දින කිහිපය විවේකයෙන් ගත කරන මෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම එවැනි අයගේ මානසික ආතතිය තව දුරටත් වැඩි නොකරන මෙන් අනෙක් අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...