සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය මුදලක් ලබාදීමට ඊයේ (28) දින අනුමැතිය ලබා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම ණය මුදල මෙය වන අතර ,එම ණය මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් පීඩාවට පත් වු ජනතාවට සහන ලබාදීම සඳහාත්, අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය ලබාදීමටත් වෙන්කිරීමට නියමිත බව වාර්තා වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??