*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ඖෂධ හිඟය බරපතලයි! ඖෂධවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්නයක්!

කොළඹ LNW:ඖෂධ හිඟය මෙන්ම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටළු පැනනැගී ඇති බව එක්සත් ජනරජ පෙරමුණ පෙන්වාදෙයි.

එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසන්නේ සෞඛ්‍ය සේවය සඳහා මුදල් වෙන්කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැති අතර ඇත්තේ කාර්යක්ෂම සහ පාදෘශ්‍යභාවයකින් වංචනික බවකින් තොරව එම කටයුතු සිදු නොකිරීම බවයි.

ඖෂධ හිඟයට ප්‍රධාන හේතුවක් ලෙස අත්‍යවශ්‍ය ඖෂධ හඳුනා නොගෙන ඒ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා මුදල් වෙන් නොකොට අත්‍යවශ්‍ය නොවන ඖෂධ සඳහා ඒ මුදල් යොදා ගැනීම දැක්විය හැකි බවද අමරසිංහ මහතා කියාසිටියි.

මේ වන විටත් අත්‍යවශ්‍ය ඖෂධ වලින් ඖෂධ 150ක පමණ හිඟයක් රට පුර රෝහල් තුළ දැකගත හැකි බවද ඔහු සඳහන් කරයි.

”මේ දවස්වල අපේ ගරු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා අමුතුම නාටකයක් රඟ දක්වමින් ඉන්නවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා එතුමා කිව්වා මේ රටට අවශ්‍ය ඖෂධ ගැනීමට එයාගේ ළඟ මුදල් නැහැ. ඒ මුදල් නොලැබුනොත් එතුමා ඇමති පදවියෙන් අස්වෙනවා කියල. දැන් ඊයේ වෙනකොට කියන්න පටන් අරගෙන තියෙනවා, දැන් මුදල් ලැබුනා. ඒක නිසා මම ඇමති පදවියේ ඉන්නවා කියලා. මේ කරුණු දෙකම බොරු. ඇත්ත වශයෙන්ම දැන් අපේ රටට අවශ්‍ය තරම් මුදල් තියෙනවද කියලා අපට දැනගැනීමේ හැකියාව තියෙන්නේ එක් එක් අය වැයෙන් කොතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද කියලා විමසීමෙන්. මේ වසරට ලංකාවේ සෞඛ්‍ය සඳහා අයවැයෙන් වෙන් කරලා තියෙනවා බිලියන 432ක්. මේක ඊට උඩින් අවුරුද්දේ බිලියන 223ක් වෙලා තිබිලා තියෙනවා. එතකොට මෙය ඇත්ත වශයෙන්ම කියනවා නම් දෙගුණයක පමණ වැඩිවීමක් රුපියල් බිලියන වලින්. අපි දැන් රුපියලේ අවප්‍රමාණය ගත්තත් ඇත්ත වශයෙන්ම කිසිම ආකාරයකින් ලංකාවේ සෞඛ්‍ය සේවයට අනුමත කරලා තියෙන මුදල් ප්‍රමාණය අඩුවක් කරලා නැහැ. මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම සිදු වෙලා තියෙන්නේ ඒ අවශ්‍ය ඖෂධ අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී ගැනීම. ඒවා කාර්යක්ෂම සහ පාදෘශ්‍යභාවයකින් වංචනික බවකින් තොරව සිදු නොකිරීම නිසා තමයි මේ රටේ මේ ඖෂධ අර්බුදය පැන නැගිලා තියෙන්නේ. ඔබට තේරෙනවා ඇති මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෙන්කරපු මුදල් වල අඩුවීමක් නැහැ. නමුත් මේ වෙන්කරපු මුදල්වල අඩුවීමක් නැති වුණත් අපි බලමු මොකද මේ රටේ මිනිස්සුන්ට මේ ඖෂධ හිඟය? මේ ඖෂධ හිඟය හැමතැනම දැන් තියෙනවා. පළමුවෙන්ම ගරු ඇමතිතුමා කියනවා නම් මුදල් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. මම මතක් කරන්න කැමතියි, මේ ආර්ථික අර්බුදය ඇති කරපු රජයේ ප්‍රබල ඇමතිවරයෙක් හැටියට එතුමා හිටියා. ඒක නිසා, අපි දන්නේ නෑ අනේ මේ රට බංකොලොත් කරලා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ කියලා කියන්න බෑ. දෙවනුව දැන් මම අර ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මේ හිඟයට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ හඳුනා නොගෙන ඒ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා මුදල් වෙන් නො කොට අත්‍යවශ්‍ය නොවන ඖෂධ සඳහා ඒ මුදල් යොදා ගැනීම ප්‍රධාන වශයෙන්. මේ වෙනකොට ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධ වලින් සාමාන්‍යයෙන් 150ක පමණ හිඟයක් රෝහල්වල තියෙනවා.

මේකට හේතුව තමයි මේ ඖෂධ හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත් යාංශය රැස් කළ යුතු විශේෂඥ කමිටු රැස් නොකොට තමන්ගේ හිතුමතයට තීරණ ගැනීම. දැන් ඔබ දන්නවා වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ කොටස් තියෙනවා. කායික රෝග, ශල්‍ය රෝග, ළමා රෝග, ප්‍රසව හා නාරි රෝග ඒ ආකාරයේ විවිධාකාර ක්ෂේත්‍ර තියෙනවා. මේ ක්ෂේත්‍රවල එක් එක් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඖෂධ මොනවාද කියලා තීරණය කිරීම සඳහා ඒ ඒ විශේෂඥ වෛද්‍යවරුන් කැඳවලා ඒ අයගෙන් විමසන්න ඕන. විශේෂයෙන්ම එතුමා කියන ආකාරයේ මුදල් අහේනියක් තියෙනවා නම් ඒ මුදල් අහේනිය යටතේ තියෙන සුළු මුදල් ප්‍රමාණය තියෙනවා නම්. මම කියන්නෑ කියලා. එහෙම තියෙනවා නම් ඒ තියෙන සුළු මුදල් ප්‍රමාණය මත මිලදී ගත යුතු අත්‍යවශ්‍ය ඖෂධ මොනවද කියලා අහලා දැන ගන්න ඕන මේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්. ඒ සඳහා ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතන තියෙනවා. කායික වෛද්‍ය ආයතනයක් තියෙනවා. ශල්‍ය වෛද්‍යවරුන්ගේ ආයතනයක් තියෙනවා. ඒ වගේම ප්‍රසව හා නාරි වෛද්‍යවරු මේ ආකාරයෙන් විවිධ විශේෂඥ ආයතන. මේ විශේෂඥ ආයතන වලින් ඔවුන් නම් කරන පිරිස් සෞඛ්‍ය අමාත්‍යාංශයට රැස් කරලා මේ තියෙන ප්‍රශ්නය හමුවේ මිලදී ගත යුතු අත්‍යවශ්‍ය ඖෂධ මොනවා ද කියලා කමිටු රැස් කිරීමක් සිදු කරලා නැහැ. මේ බව පැහැදිලි වනවා මම හිතන්නේ මීට දිනකට හෝ දෙකකට ප්‍රථම අර කෝපා කමිටුවේදී ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කරපු ප්‍රකාශ වලින්. එතකොට මේ වැදගත් කාර්යය ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නායකත්වයෙන් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරලා නැහැ. එතකොට මෙහෙම හඳුනා ගැනීමකින් තොරව කොහොමද ඖෂධ මිලදී ගන්නේ? ඇත්ත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ අත්‍යවශ්‍ය ඖෂධ වලට යොමු කළ යුතු මුදල්, අත්‍යවශ්‍ය නොවන ඖෂධ සඳහා යොමු කිරීම එකක්. දෙවනුව මිල අඩු, ප්‍රමිතියෙන් හොඳ ඖෂධ ලබා ගැනීම හැකියාව තියෙද්දි මිලින් වැඩි ඖෂධ මිලදී ගැනීම. ඒ වගේම මෙහිදී ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න රාශියක් මතු වෙලා තියෙනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා මෙම අදහස් පළකළේ අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan