ජපානයට ශ්‍රමිකයින් පිටත් කිරීමේ වැඩසටහන වේගවත් කෙරේ

Date:

රටේ ගැටලු විසඳීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ගෙන් මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක් රට තුළට ගෙන්වා ගැනීමේ ඉලක්කය ඇතිව ප්‍රායෝගික වැඩසටහනක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අතරම ජපානය වැනි ඉහළ ආදායම් ලබාගත හැකි රටවල් සඳහා ශ්‍රමිකයින් පිටත් කිරීමේ වැඩසටහනත් වේගවත් කිරීමට කටයුතු කර ඇත.

ජපානයේ සාත්තු සේවක රැකියා සඳහා පුහුණුව ලැබූ පස් දෙනෙකු වෙනුවෙන් ඊයේ දිනයේදී (29) ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරිණ.

ඊයේ සිට තවත් විසි දෙදෙනෙකුගේ යුත් කණ්ඩායමක් ජපානයේ රැකියා සඳහා පිටත්ව යාමට පුහුණුව ලැබීම ආරම්භ කර ඇති අතර ලබන 20 වැනිදා පිටත්ව යන එම කණ්ඩායමට සාත්තු සේවක ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් 8 දෙනෙක් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් 14 දෙනෙක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ජපන් රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යවන අතර එසේ යැවෙන ජපාන රැකියා අපේක්ෂිතයින් කිසිම අවස්ථාවක දී අතරමැදියන්ට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...