අද ජනාධිපති මන්දිරය වැටළීමට සමගි ජන බලවේගය සැරසෙයි ….

Date:

සමගි ජන බලවේගය විසින් අද (30) පස්වරුවේ දැවැන්ත මහජන විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින කොටුව, ජනාධිපති මන්දිරය වැටළීම සඳහා අද සවස 03.00 ට කොටුව දුම්රිය ස්ථානය අසලට පැමිණෙන ලෙස කොළඹ නගරයේ සියලුම ජනතාවට ආරාධනා කරන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ.

“අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පාර්ලිමේන්තුව තුළ මේ ආණ්ඩුව ඉවත් කරන්න විශ්වාසභංග යෝජනාවල් ගෙනවා, නමුත් ඒ ගෙනාපු හැම එකකදීම මේ ගෝඨාභය රාජපක්ෂගේ ගෝලබාලයෝ ටික ඒවා කරන්න දුන්නෙ නෑ. එහෙම නම් මොකක්ද අපට කරන්න තියෙන්නෙ ? එහෙම නම් පාර්ලිමේන්තුවෙන් පිටත මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්න ජනතාවට සිද්ධ වෙනවා. බලයට පත් කළා වගේම බලයෙන් පහ කරන්නත් මේ රටේ ජනතාවට අයිතිය තියෙනවා. ඒක විතරයි මේ රටේ ජනතාවට දැන් ඉතිරිවෙලා තියෙන්නෙ. අපි කියනවා ජනතාව ඒක වෙනුවෙන් වීදිවලට එන්න. මේ රටේ පාලකයින් යන්නෙ නැත්නම්, අපිව අමාරුවෙ දාපු, අපේ දුවාදරුවන්ගෙ අනාගතය විනාශ කරපු, අපේ අම්මලා තාත්තලා භූමිතෙල් පෝලිම්වල පෙට්‍රල් පෝලිම්වල මැරෙන තත්වයක් උදාකරපු, බෙහෙත් ටික නැති කරපු, ළමයින්ට මන්දපෝෂණය ඇති කරපු, ත්‍රිපෝෂ කම්හල් වහලා දාපු මේ පාලකයින්ව ජනතාවගේ පරමාධිපත්‍ය බලය තුළින් පහ කරන්න අපි ආයාචනය කරනවා 30 වෙනිදා සවස 3.00 වෙනකොට කොටුවේ දුම්රිය ස්ථානය අසලට පැමිණෙන්න. කොළඹ නගරයේ ඉන්න සියලුම ජනතාවට අපි ආයාචනා කරනවා අපේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් නැවතිලා ඉන්න ජනාධිපති මන්දිරය වටකරන්න ලෑස්ති වෙන්න කියලා”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...