අද ජනාධිපති මන්දිරය වැටළීමට සමගි ජන බලවේගය සැරසෙයි ….

Date:

සමගි ජන බලවේගය විසින් අද (30) පස්වරුවේ දැවැන්ත මහජන විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින කොටුව, ජනාධිපති මන්දිරය වැටළීම සඳහා අද සවස 03.00 ට කොටුව දුම්රිය ස්ථානය අසලට පැමිණෙන ලෙස කොළඹ නගරයේ සියලුම ජනතාවට ආරාධනා කරන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ.

“අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පාර්ලිමේන්තුව තුළ මේ ආණ්ඩුව ඉවත් කරන්න විශ්වාසභංග යෝජනාවල් ගෙනවා, නමුත් ඒ ගෙනාපු හැම එකකදීම මේ ගෝඨාභය රාජපක්ෂගේ ගෝලබාලයෝ ටික ඒවා කරන්න දුන්නෙ නෑ. එහෙම නම් මොකක්ද අපට කරන්න තියෙන්නෙ ? එහෙම නම් පාර්ලිමේන්තුවෙන් පිටත මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්න ජනතාවට සිද්ධ වෙනවා. බලයට පත් කළා වගේම බලයෙන් පහ කරන්නත් මේ රටේ ජනතාවට අයිතිය තියෙනවා. ඒක විතරයි මේ රටේ ජනතාවට දැන් ඉතිරිවෙලා තියෙන්නෙ. අපි කියනවා ජනතාව ඒක වෙනුවෙන් වීදිවලට එන්න. මේ රටේ පාලකයින් යන්නෙ නැත්නම්, අපිව අමාරුවෙ දාපු, අපේ දුවාදරුවන්ගෙ අනාගතය විනාශ කරපු, අපේ අම්මලා තාත්තලා භූමිතෙල් පෝලිම්වල පෙට්‍රල් පෝලිම්වල මැරෙන තත්වයක් උදාකරපු, බෙහෙත් ටික නැති කරපු, ළමයින්ට මන්දපෝෂණය ඇති කරපු, ත්‍රිපෝෂ කම්හල් වහලා දාපු මේ පාලකයින්ව ජනතාවගේ පරමාධිපත්‍ය බලය තුළින් පහ කරන්න අපි ආයාචනය කරනවා 30 වෙනිදා සවස 3.00 වෙනකොට කොටුවේ දුම්රිය ස්ථානය අසලට පැමිණෙන්න. කොළඹ නගරයේ ඉන්න සියලුම ජනතාවට අපි ආයාචනා කරනවා අපේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් නැවතිලා ඉන්න ජනාධිපති මන්දිරය වටකරන්න ලෑස්ති වෙන්න කියලා”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...