ජීන් කැරොල් ලිංගික අපයෝජන නඩුවේ ට්‍රම්ප්ගේ අවසන් අභියාචනය ප්‍රතික්ෂේපයි; ඩොලර් මිලියන 5ක වන්දියක් ගෙවීමට ට්‍රම්ප්ට නියෝග කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලේඛක ඊ ජීන් කැරොල්ට අපහාස කර ලිංගික අපයෝජනය කළ බවට ගොනු කර ඇති සිවිල් නඩුව සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිටින අභියාචනයක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂප කර තිබේ.

1990 ගණන්වලදී ට්‍රම්ප් තමාට ලිංගික අතවර කළ බවට කැරොල්ගේ සිවිල් ප්‍රකාශය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජූරි සභාවක් විසින් ට්‍රම්ප් වගකිව යුතු බවට තීරණය කර කැරොල්ට ඩොලර් මිලියන 5ක වන්දියක් ප්‍රදානය කළ යුතු බවට කරන ලද තීන්දුවකට එරෙහිව ජනාධිපති ට්‍රම්ප් චෝදනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබිණි.

කැරොල්ගේ නීතිඥ රොබර්ටා කැප්ලාන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඊ ජීන් කැරොල්ට ලිංගික අතවර කර අපහාස කළ බවට ජූරි සභාවේ ඒකමතික තීන්දුව සදහටම තහවුරු කරන බවත්, එම තීන්දුවට අභියාචනා කිරීමට ඔහු දැරූ බහුවිධ උත්සාහයන් සියල්ලම අසාර්ථක වී ඇති බවත්ය.

කෙසේ නමුත් මෙම තීන්දුව සම්බන්දයෙන් සිය සමාජ මාධ්‍ය සටහනක ජනාධිපති ට්‍රම්ප් සදහන් කර තඉබුණේ, මෙම හාස්‍යජනක ප්‍රකාශය, මගේ සියලු බලය සහ ශක්තිය භාවිතා කරමින් නීති විරෝධී නඩුවට එරෙහිව දිගටම සටන් කරන බවත්, මෙම නඩුව සැබවින්ම ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව වන අතර, වෙනත් ජනාධිපතිවරයෙකුට හෝ අපේක්ෂකයෙකුට එය සිදුවීමට කිසි විටෙකත් ඉඩ නොදිය යුතු බවත්‍ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...