රෂිකා හෙන්නායක ජුනි 29, කොළඹ LNW :
නැගෙනහිර පළාතේ සිදු වූ පංච පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව හිටපු රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද විමර්ශනවලට අනුව ඔහු මෙම නඩුවේ තෙවන සැකකරු ලෙස නම් කර ඇති අතර, මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයේ නියෝගය පරිදි වැලිකඩ බන්ධනාගාර බලධාරීන් විසින් ඔහුව ජුලි 13 වෙනිදා දක්වා රඳවා තැබීමට පියවර ගෙන ඇත.
අදාළ නඩු විභාගය සඳහා ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්රදේශයේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණි.
මෙම සිද්ධිය 2008 වසරේදී සිදුවූ අපරාධ විමර්ශනයකට අදාළ වන අතර, අධිකරණය ඉදිරි දිනකදී මේ පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීමට නියමිතය.


