*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

EPF අරමුදලට අත තිබ්බොත් සමගි ජන බලවේගයේ අපි නිකන් ඉන්නේ නැහැ – සජිත් (VIDEO)

පක්ෂයක් ලෙස අයි. එම්. එෆ්. එකට මුලින්ම යා යුතු බවට පැවසුවේ සමගි ජන බලවේගය බවත් එසේ යැම නිවැරදි වුවත් ඔවුන් සමග ඇති කර ගත් ගිවිසුම වැරදි බවත් මේ දුර්වල පන නැති හරයක් නැති ගිවිසුමක් බවත් විපක්ෂ නායකවරයා පවසයි.

ජාත්‍යන්තර වශයෙන් කප් ගහපු පුද්ගලයෙක් රටේ ජනාධිපති වුනත් ඔහුට අයි. එම්. එෆ් එකත් එක්ක කප් එකක් ගහන්න බැරි වූ බවත් ඔහු කප් ගැසුවේ කතාවෙන් සහ කයිවාරුවෙන් බවත් ක්‍රියාව තුළ කප් ගැසීමට නොහැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (29) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩ සටහනේ තිස් තුන්වැනි අදියර ලෙස ඇඹිලිපිටිය උඩවලව මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

සක්වල හරහා මීට පෙර පාසල් 32ක රු 27,986,150 ක් වටිනා සුහුරු පන්ති කාමර ඉදිකොට තිබේ.

සක්වල හරහා පාසල් සඳහා රුපියල් 349,20,000 වටිනා බස්රථ 72ක් පරිත්‍යාග කොට තිබේ. මීට අමතරව හුස්ම වැඩසටහන යටතේ රෝහල් 56ට රුපියල් 171,966,900ක අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කොට ඇත.

රටට වාසිදායක ආකාරයට IMF ගිවිසුම ගැසිය යුතු වුවත් රටට අවාසිදායක ලෙස මෙම ගිවිසුම ගසා ඇති බවත් යුක්‍රේනයට අයි. එම්. එෆ් එකෙන් ඩොලර් බිලියන ගණනක් ගන්න පුලුවන් වුවද වැදගත් භූගෝලීය පිහිටීමක් ඇති අප රටට එවැනි දෙයක් බැරි වුයේ ඇයිද කියා ගැටලු සහගත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ වත්මන් රජය දෙවැනි වතාවටත් රටේ ජනතාව මංමුලා කර ඇති බව යි.

දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකරනවා කියා මුලින් කිව්වත් දැන් එය සිදු කරන බවත් ඔවුන් අර්ථසාධකයට අත තියන්නේ නෑ කිව්වත් වැඩ කරන ජනතාවගේ තැන්පතු ඉතිරිකිරීම් ඊපීඑෆ් ඊටීඑෆ් එක පවා ප්‍රතිව්‍යූහගත කිරීමට සුදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ වැඩ කරන ජනතාව වැඩ කරන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ ඉතිරි කල යුතු බවට අනිවාර්ය බලකිරීමක් සිදු කරන බවත් එසේ සිදු කර රට බංකොලොත් වූ පසු අයි.එම්.එෆ් එකත් එක්ක සාරවත් ගිවිසුමකට එලබෙන්නේ නැතිව අර්ථ සාධකේ ඇති මුදල් පවා ලබා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මෙවැනි බොරු කියමින් ජනතාව රවටන්නේ ඇයි ද කියා අසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ සිටින ලක්ෂ 20කට වැඩි වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan