ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතාගේ වසර හැටක සේවා කාලය ඇගයූ ජනපති රනිල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතාගේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවයේ වසර හැටක (60) දීර්ඝ සේවා කාලයක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක්විය

එහිදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතාගේ සේවය අගයමින් ලිපියක් ප්‍රදානය කිරීම අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වීමට පෙර ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු කෙරුණි.

ප්‍රවීණ භාෂා උපදේශක ආර්.එස්. ජයසිංහ මහතා 1961 අගෝස්තු මස 01 වන දින මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට එක්වී ඇති අතර , 1974 ජූලි 03 වැනි දින අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ භාෂා උපදේශකවරයකු ලෙස පත්වී තිබෙන අතර, 2024 ජුලි 03 වැනි දිනට ඔහු අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ වසර පනහක (50) සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙන බව පැවසේ.

මෙම අවස්ථාවට, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...