කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙකු මියගොස් තවත් තරුණයකු තුවාල ලබා තිබේ.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇත. එසේ පැහැරගත් තරුණයින් දෙදෙනාව පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩිතබා ඇති අතර එහිදී එක් තරුණයකු එම ස්ථානයේදීම මියගොස් ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයකු වන අතර තුවාල ලබා සිටින්නේ 27 හැවිරිදි තරුණයෙකි.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...