තේ වෙන්දේසිය ඩොලර්වලින් කළොත් ලංකාවටම පෙට්‍රල් දෙන්න පුළුවන් ?

Date:

ඉන්ධන හිඟය සහ ඉන්ධන පෝලිම් මේ වනවිටත් ලංකාවේ ජනතාවට එදිනෙදා ජන ජීවිතයේ සාමාන්‍ය කොටසක් බවට පත්වෙමින් තිබේ. මෙහි ඛේදවාචකය වන්නේ ඉන්ධන හිඟය නිසා රටේ විශාල පිරිසකගේ එදිනෙදා ආදායම් මාර්ග ද අවහිර වෙමින් ඔවුන් අන්ත අසරණ තැනට ඇද වැටෙමින් සිටීමයි.

ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාව අතර ද කතාබහට ලක්වෙමින් ඇත්තේ මෙම ඉන්ධන හිඟයට පිළියම් මොනවාද, රජය ඒවා ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන කාරණා සම්බන්ධයෙනි.

ලෝක ප්‍රකට සිලෝන් ටී සන්නාමය සහිත ශ්‍රී ලංකාවේ තේ වලින් රටට විශාල අපනයන ආදායමක් ලැබේ. එහෙත් කොළඹ තේ වෙන්දේසිය තවමත් පවත්වන්නේ රුපියල් වලිනි. මෙම තේ වෙන්දේසිය ඇමරිකානු ඩොලර්වලින් පැවැත්වූයේ නම් සෘජුවම රටට එම ආදායම ඩොලර්වලින්ම සපයා ගැනීමට හැකිවන අතර එයින් රටටම අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය ආනයනය කිරීමට ද හැකි බව ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ත්‍රීරෝද රථ රියදුරන්ගේ අදහස වී තිබේ. රජය මෙවැනි පියවරකට හෝ නොයන්නේ එතරම්වත් අවබෝධයක් රජයට නොමැති නිසාදැයි ඔවුහු ප්‍රශ්න කරති.

මේ සම්බන්ධයෙන් අපත් කරුණු සොයාබැලිමක් සිදුකළ අතර කෙන්යාව මේ ආකාරයෙන් තම මොම්බාසා තේ වෙන්දේසිය ඇමරිකානු ඩොලර්වලින් පැවැත්වීමට තීරණය කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති බවයි. ඒ පිළිබඳ සකස් කෙරුණු පර්යේෂණ වාර්තාවක් පහත දිගුවෙන් කියැවිය හැකිය.

https://iiste.org/Journals/index.php/RJFA/article/view/16206

ඇත්තෙන්ම කොළඹ තේ වෙන්දේසිය ඩොලර්වලින් පැවැත්වීමට රජය තීරණය කරන්නේ නම් එම මුදල ඉන්ධන ගෙන්වීමට හෝ රටේ කෘෂිකර්මාන්ත සඳහා අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට සම්පූර්ණයෙන්ම යෙදවිය හැකිය. මෙමගින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 900ක් සපයාගත හැකිවේ. මෙය අතිවිශාල මුදල් ප්‍රමාණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙසේ කොළඹ තේ වෙන්දේසිය ඩොලර්වලින් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් පසුගිය මාසයේදී පාර්ලිමේන්තුවේදී ද කතාබහට ලක්ව තිබුණු නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැත. අපේ රට මුහුණ පා සිටින ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ ද මෙසේ කතා කරමින් සිටිනවා විනා තීරණ නොගැනීමේ පුරුද්ද යි.

  • දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...

ජාතික ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් විසින් අල්ලා පොළවේ ගැසූ බැඩ්මින්ටන් ජාතික සූරතාවය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: ජාතික බැඩ්මින්ටන් සූරතාවලියේ 73...

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...