දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට. ඡන්ද විමසීමත් අදම

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අද (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද දිනයේ කැඳවා ඇති අතර එම යෝජනාව පිළිබඳ විවාදය පෙරවරු 09.30 සිට පස්වරු 07.30 දක්වා පැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (30) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙම තීරණයට එළඹ ඇති අතර මීට පෙර කතාබහට ලක්ව තිබුණු පරිදි ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව රැස් නොකිරීමටත් එහිදී තීරණය කර තිබේ.

ඒ අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව ඒ සම්බන්ධ ඡන්ද විමසීම ද අද පස්වරුවේම සිදුකෙරෙනු ඇති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...