ජාතික ආණ්ඩුවකට සමඟිය බෑ කියයි!

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

මැතිවරණ පස්සට ඇදීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යෝජනා කරමින් තිබෙන හෙයින් ඒවාට එකඟවිය යුතු නැති බවටයි සමඟි ජන බලවේගය තුළ සාකච්ජාවට ලක්ව ඇත්තේ.

ඒ අනුව ආණ්ඩුව යෝජනා කරන ජාතික ආණ්ඩුවකට එකඟ නොවිය යුතු බවට මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගෙන ආ යෝජනාව සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අනුමත අකර තිබේ.

කෙසේවෙතත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසමින් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සමඟියේ සැලකිය යුතු මන්ත්‍රී කණ්ඩායමකගේ සහය යෝජනා වී ඇති බවයි.

මේ අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සෘජුවම සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායක වෙත කර තිබෙන බලපෑමද ඊට රුකුලක් දී ඇති බවද කියවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...