පොලිස් මුලස්ථානයෙන් විශේෂ නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ (LNW):

සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනයක් සහිතව කහ පැහැති පසුබිමේ අදාළ ලිපිය සකස් කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසන අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024 ජූලි 1 වනදා නිකුත් කර කළ බවට හැඟවෙන ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන බව පැවසේ.

මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලීසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවට හා ඒ සඳහා නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සකස් කරන ලද ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය පවසයි.

අදාළ ව්‍යාජ ලිපියේ පිටපතක් ජනතාවගේ දැනගැනීම පිණිස පොලීසිය විසින් නිකුත් කර ඇති අතර, එය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...