මේසපන්දු තරඟාවලියේ අනුග්‍රහයට බර්ට්‍රම් සමඟ ශාන්ත ජෝන් ඕස්ට්‍රේලියා ආදි සිසුන්

වාර්ෂික බස්නාහිර පළාත් (WP) කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරඟාවලිය ජූලි 2 සහ 3 යන දිනයන්හිදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.එහි අනුග්‍රාහකත්වය දරන්නේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය ඔස්ට්‍රේලියානුආදි ශිෂ්‍ය සංගමය සහ එහි සාමාජිකයෙක් වන ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ඇකඩමියක් පවත්වා ගෙන යන බර්ට්‍රම් ඒකනායකයි.

මෙල්බර්න් නුවර පිහිටි මෙම ක්‍රිකට් ඇකඩමිය හරහා බොහෝ ශ්‍රී ලාංකිකයනට උපකාර ලැබෙන අතර බර්ට්‍රම් මෙවර සිය ආදි ශිෂ්‍ය සංගමය සමඟ තරගාවලියට සහය දක්වන්නට මූලිකත්වය ගන්නේ,තරගාවලිය නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයේ 107 වන සංවත්සරය අළලා පවත්වන නිසයි.එම සැමරුම වෙනුවෙන් මෙම තරඟ සංවිධානයට බස්නාහිර පළාත් මේස පන්දු සංගමයේ සහයෝගය ඇතිව උර දෙන්නේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලීය 82 ආදි ශිෂ්‍ය කණ්ඩායමයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල් අගමැති එක්සත් ජාතින්ගේ සමුළුව අමතනවිට නියෝජිතයන් සභාවෙන් පිටව යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඊශ්‍රායල අගමැති...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන ගුවන් සමාගම් සදහා සිය ගුවන් අවකාශය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකාව විසින්...

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...