ආඝාත ප්‍රතිකාර ඒකකය (?????? ????)ජනතා අයිතියට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW):

ගුණාත්මක හා සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙත ලබා දීම අරමුණු කර ගනිමින් රුපියල් මිලියන 75 ක මුල්‍ය ප්‍රතිපාදන මත ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද ආඝාත ප්‍රතිකාර ඒකකය (?????? ????) ඊයේ (02) දින රෝගී සත්කාර සේවාවන් සඳහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෙද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් ජනතා අයිතියට පත් කළේය.

ලබන වර්ෂයේදී සෑම දිස්ත්‍රික්කයකටම පුනරුත්ථාපන ඒකකයක් සහ සහන සත්කාර ඒකකයක් බැගින් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෙද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය.

මේ සඳහා මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී තිබෙන අතර, දකුණු පලාතේ එකම හා ප්‍රථම ආඝාත ප්‍රතිකාර ඒකකය වන මෙම ඒකකය ඉදිකිරීම් ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු ගාල්ල වෛද්‍ය සංගමය (????? ??????? ???????????) විසින් සිදු කර තිබෙන බව සඳහන් වේ.

ආඝාත ඒකකය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ඒකකය නිරීක්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා පළමු රෝගියා ඇතුලත් කීරීම ද සිදූ කරන ලද අතර, මෙහි ඉදිකිරීම් කටයුතු 2013 වසරේ ආරම්භ කර ඇත. අතරමග නැවතී තිබුනු ඉදිකිරීම් කටයුතු යලිත් පසුගිය වසරේ ආරම්භ කළ බව පැවසේ.

මීට පෙර වෙනත් රෝග තත්ත්ව යටතේ වන රෝගීන් සමඟ ආඝාත රෝගීන්ට ද ප්‍රතිකාර රෝහල තුළ සිදු කරන ලද අතර, ආඝාත රෝගය වෙනත් රෝග තත්ත්ව වලට වඩා රෝගියා ආබාධ තත්ත්වයට පත්වීමේ ඉඩකඩ වැඩි රෝගයකි. මේ වන විට කොළඹ, කුරුණෑගල, මහනුවර යන රජයේ රෝහල්වල ආඝාත ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර ඇති අතර රෝගී ප්‍රතිකාර සේවාවන් ද ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, වර්තමානය වන විට බෝ නොවන රෝග වල යම් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවත්, එය මේ වන විට ගැටලු සහගත තත්වයක් වන බවයි. ලබන වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අයවැය ප්‍රකාශනයෙන් සෑම දිස්ත්‍රික්කයක් සඳහාම පුනරුත්ථාපන ඒකකයක් සහ සහන සත්කාර ඒකකයක් බැගින් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද පැවසූ අමාත්‍යවරයා ආඝාත ඒකක පලාත් වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් ස්ථාපිත කල යුතු බවද ප්‍රකාශ කළේය.

තමන් සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගෙන මේ වනවිට මාස 8 ක කාලයක් ඉක්මවා ගොස් ඇති බවත්, අමාත්‍යංශය භාර ගන්නා විට පැන නැගී තිබුණු ගැටලු මේ වන විට නිරාකරණය වෙමින් පවතින බවද, රජයේ රෝහල් පද්ධතිය සංවර්ධන කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන බවත් අවධාරනය කල අමාත්‍යවරයා සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා යම් දීමනාවන් ලබා දීමටත් කටයුතු කල බවද පැවසීය.

සෞඛ්‍ය සේවාවේ වැඩිම පිරිසක් සිටින හෙද සේවාව සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයක් ස්ථාපිත කිරීමටත්, මෙරට 18 වන විශ්ව විද්‍යාලය ලෙස හෙද විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ එස්.ඩී.යු.එම්.රංග, ගාලු වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය විමලසිරි උලුවක්කගේ යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...