ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ දුර්වලම පන්දු යැවීමට බුම්රාගෙන් ලෝක වාර්තාවක්

Date:

එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ඉන්දියාව සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේදි නව ඉන්දීය නායක ජස්ප්‍රීට් බුම්රාට එරෙහිව ඉන්දිය ඉණිමේ අවසාන භාගයේදී යවන ලද පන්දු ඕවරයකදි ටෙස්ට් තරග ඉතිහාසයේ එක පන්දු ඕවරයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා දුන්නා.ඒ ලකුණු 35 ක්.
ඕනෑම හොඳ පන්දුවකට එරෙහිව ප්‍රහාරයක් එල්ල විය හැකි අවස්ථා තිබුණත් බ්‍රෝඩ්ගේ ඕවරය දුර්වල පන්දු ඕවරයක් වූවේ ඔහු විසින් කඩුලු රකින්නාට හෝ රැක ගැනීමට නොහැකි තරම් උසින් යවන ලද වයිඩ් පන්දුවකින් ද ලකුණු පහක් ලබා දීම නිසයි.එසේම බ්‍රෝඩ්ගේ ඕවරයේ තෙවන පන්දුව නිපන්දුවක් වූ අතර එයට බුම්රා හයේ පහරක් එල්ල කළ බැවින් එම පන්දුව සඳහා ලකුණු හතක් ඉන්දීය කණ්ඩායමට එකතු වුණා.
බ්‍රෝඩ් ට මෙම ලෝක වාර්තාව ලබා දීම සඳහා යවන ලද නිපන්දුව සහ වයිඩ් පන්දුව නිසා පන්දු 8 ක් යැවිමට සිඳු වූ අතර ඕවරයේ එකතු වූ ලකුණු 35 න් හයක් සටහන් වූයේ අතිරේක ලකුණු ලෙස යි.කෙසේ නමුත් ටෙස්ට් තරගයක ඕවරයකට ලබා ගෙන තිබූ වැඩිම ලකුණු සංඛයාව වූ 28 මීට පෙර ලබා තිබුණේ බ්‍රයන් ලාරා යි.ඒ දකුණු අප්‍රිකාවේ රොබින් පිටර්සන්ගේ පන්දු ඕවරයකදී 2003 දී ලබා තිබුණා.කෙසේ නමුත් බ්‍රෝඩ්ගේ පන්දු ඕවරයේ ලකුණු 35 න් ලකුණු 29 ක් ම බුම්රාගේ පිත්තෙන් රැස් කළ ලකුණු බැවින් අතිරේක ලකුණු 6 අත හැර දැමුව ද,බුම්රා රැස් කළ ලකුණු ප්‍රමාණය 29 ක් වෙනවා.එය ද ලාරා ලබා ගත් ලකුණු 28 ඉක්මවා යාමක්.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනගාරයෙන් ඇසෙන කතා!

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ LNW : ඊයේ (29)...

ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්තිය පුරුදු පාරෙම ගාල්ලට

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW:  මේ වන...

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය මරුට !

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය සිය...