අද පස්වරු 6.45 ට යුපුන් ස්විට්සර්ලන්ත තරග බිමට

Date:

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන් අද (ජූලි 03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.45 ට ස්විට්සර්ලන්තයේ Chaux-de-Fonds හී දී පැවත්වෙන රෙසිස්ප්‍රින්ට් මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඩී කාණ්ඩයට අයත් තරගාවලියක් ලෙස හැඳින්වුව ද,මේ සඳහා මේ මොහොතේ දක්ෂ තරගකරුවන් විශාල පිරිසක් තරග වදිනු ඇතැයි අපේක්ෂා තරන අතර එම ක්‍රීඩකයින් අතර ඔලිම්පික් රන් පදක්කම්ලාභි මාර්ෂල් ජාකොබ්ස් ද වෙනවා.
තරග සංවිධායකයින් විසින් සිය නිල මුහුණු පොත ගිණුමේ යුපුන් අබේකෝන් සිය මුහුණු පොතේ මෙම ඉසව්වට සහභාගි වීම සම්බන්ධයෙන් තැබූ සටහන උපුටා දක්වමින් ඔහුගේ සහභාගීත්වයට ද විශාල අවධානයක් ලබා දෙන්නට කටයුතු කර තිබෙනවා.ඒ අනුව අද දවසේ මේ තරගයට සහභාගි වන ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සම්බන්ධයෙන් ඔවුන් දක්වන අවධානය තරගයට පෙරම යුපුන් ශ්‍රී ලංකාවට ලබා දුන් ගෞරවයක් හැටියට හැඳින්විය හැකියි.
https://www.watchathletics.com/schedule/watchlive/6333 හරහා පිවිස අද පස්වරු 6.45 ට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට මෙම තරගය සජීවී ව නැරඹීමට අවස්ථාව තිබෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනගාරයෙන් ඇසෙන කතා!

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ LNW : ඊයේ (29)...

ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්තිය පුරුදු පාරෙම ගාල්ලට

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW:  මේ වන...

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය මරුට !

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය සිය...