*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දිමුත්ගෙන් පස්සෙ…

දිමුත් කරුණාරත්න යන්න තීරණය කළ බව කියන්නේය.ඔහු බලා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙස බව ද කියන්නේය.සමහර විට යවන්න පෙර යන ලෙස ආ බලපෑඹක් ද විය හැකිය.ඊට හේතු කවරේද යන්න ද සොයි බැලිය යුතුය.නමුත් දැන් වැදගත්ම දේ දිමුත්ගේ පෞද්ගලික කැමත්තක් වුව,ක්‍රිකට් ආයතනය පිළි නොගත්තා වුව වෙනස් නායකයෙක් ගැන හිතපං කියා දිමුත් දෙන සංඥාවය.
දිමුත්ට ලැබුණ නායකත්වය විශාල අභියෝගයක් වූ බව අමතක කළ නොහැකිය.ඔහුට නායකත්වයේ දී ජය සහ පරාජ දෙකම හමුවිණ.නමුත් වඩාත් වැදගත් වූවේ ඔහු විසින් කණ්ඩායම එකට බඳවා තබා ගැනීම සඳහා ගත් උත්සාහය වන්නේය.
දැනට දිමුත් යටතේ ශ්‍රී ලංකාවට නායකත්වය දුන් නායකයන් දෙදෙනෙක් ක්‍රීඩා කරයි.ඒ ඇන්ජලෝ මැතිවිස් සහ දිනේෂ් චන්දිමාල් ය.එසේම මීට පෙර උප නායකත්වය හිමි වූ කුසල් මෙණ්ඩිස් සහ ධනංජය ද සිල්වා වර්ථමාන උප නායකයා සේ සිටියි.ධනංජය උප නායකයා වූ පසුව වැඩි අවස්ථා ගණනක් කණ්ඩායම මෙහෙයවීමට නොලැබුණි.ඒ උප නායකත්වය යටතේ සිටියදී ඔහුට ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම යටතේ මෙහෙයවන තරග හෝ ලබා දෙන්නට තිබිණ.නමුත් එය අතපසු වූ දෙයකි.


මේ නිසා සමහර විට ඉදිරි නායකයා ධනංජයම විය නොහැකිය.වසරක් දෙකක් චන්දිමාල් වැන්නෙක් යටතේ ධනංජය තබා ඔහුට විදෙස් ජාතික කණ්ඩායම්වලට එරෙහිව සභාපතිගේ කණ්ඩායම වැනි කණ්ඩායම් මෙහෙයවමින් අත්දැකීම් උපයා ගන්නට දිය යුතුය.නැතිනම් දැනට එම සුදුසුකම් සපුරා ගන්නට ඔහුට මඟ සකසමින් තව වසරක හෝ කාලයක් දිමුත් ට රැඳෙන්නයි කිව යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායමට කායිකව දරා සිටීමටත් වඩා අපහසු මානසික දරා සිටීමකටය.එය නවසීලන්ත සංචාරයේදි හොඳින් පැහැදිළි වූ අතර මානසික ඒක්‍රාග්‍රතාවය රැක ගැනීම පිණිස කණ්ඩායම තුළ තිබෙන වැඩ පිළිවෙල සතුටු විය හැකි ප්‍රතිපල නොපෙන්වන්නේය.ඕනෑම පිතිකරුවෙක් බලාපොරොත්තු නොවෙන මට්ටමේ පහරකින් දැවී යා හැකිය.නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් පිතිකරුවන් ඉතාම හොඳින් ලකුණු රැස් කරද්දී දැන් දැන් නරක පහරක් එල්ල කරාවි යන්න අවිනිශ්චිත හැඟීමෙන් බලා සිටින්නට සිඳුවීම නරක තත්ත්වයකි.සමාන්‍යයෙන් හොඳ ඉණිමක් ගොඩ නැඟෙන විට නරක පහරක් අවිනිශ්චිත නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වෙනස්ය.කුමන මොහොතක හෝ විය හැකිය යන අපේක්ෂාව තිබීම පිතිකරණයේ නිවැරදි විය යුතු තැන් තිබෙන බව පැහැදිළි කරන්නක් වන අතර ඊට හොඳම නිදසුන ධනංජය ද සිල්වා ශතකය පෙනි පෙනී එවැනි පහරවලට නිරන්තරයෙන් යොමු වෙමින් ශතකය අහිමි කර ගැනීමය.


නව නායකයා හෝ දිමුත් මේ සම්බන්ධයෙන් පරිපාලනය සමඟ සාකච්ඡා කර යුතුව ඇත.ස්ථාවර වීමට ඇඟේ හයිය පමණක් ප්‍රමාණවත් නොවන අතර සිත සවිමත්,සිත නොසැළෙන ක්‍රීඩකයෙක් යන සාධකය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යය වි ඇත.තරගය තුළ කිමිද ක්‍රීඩා කරන තත්ත්වයක් ඇති කිරීම වැදගත්ය.එවැනි වටපිටාවක මනස සමඟ ඇස ද නිසි පරිදි ක්‍රියාත්මක වී බිම වැටෙන් තීරණාත්ම උඩ පන්දු රැකෙන ආකාරයක්ද නිර්මාණය වනු ඇතැයි සිතිය හැකිය.
දිමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මාධ්‍ය හමුවෙදි කි වැදගත්ම කරුණ වූයේ තමන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ මාස අටකට පසුව බවයි.ඒ නිසාම තමන් යම් ආකාරයකට හොඳින් පන්දුවට පහර දුන්නද එය වර්ධනය කරගත යුතු තත්ත්වයේ ඇති බවත්,විශ්වසනීය තත්ත්වයේ යම් බිදීමක් දැනෙන බවත් පැවසීය.අප මේ සටහනේ මුලටම එකතු කළේ ද ඒ විශ්වාසය බිඳි ඇති බව සහ එය ගොඩ නැඟීමට අවශ්‍යය උපදේශන වැඩ පිළිවෙලක් අවශ්‍යය බවය.එය මාස අටකට වරක් ටෙස්ට් ගහන රටක තරග අත්දැකීම් යන කාරණය යන්න දුලබ බැවින් නිතර තරග එන තත්ත්වයක් හෝ තරගයට උචිත මානසික පසුබිම සකස් කරන වැඩ සටහනක් කණ්ඩායම සමඟ අඛණ්ඩව තිබීම වැදගත්ය.
අයර්ලන්ත සංචාරය ට වැඩි කාලයක් නැත.එය නිමාවීමෙන් පසු දිමුත්ගේ නික්ම යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟනම් නව නායකයෙක් ගැන සිතිය යුතුය.නමුත් වඩාත් වැදගත් නව නායකයා නොවේය.නව නායකයාට ක්‍රීඩා කරන්නට සහ කණ්ඩායම මෙහෙයවන්නට වසරකට විදෙස් කණ්ඩායම් කීයක් හමුවේද යන්නය.ඇත්තම තත්ත්වය ගතහොත් අයර්ලන්තය වැනි කණ්ඩායමකට ලැබෙන තරග ප්‍රමාණය හෝ ශ්‍රී ලංකාවට ලබා ගැනීම දුෂ්කර වෙන තත්ත්වයක් තිබෙයි.
වඩාත් වැදගත් වන තව කාර්යයකට ශ්‍රී ලංකා ක්‍රිකට් මුල පුරා ඇත.ඒ රැඳල්ල ක්‍රීඩා පිටිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු මධ්‍යස්ථානයක් සේ සළකන්නට තීරණය කිරීමය.එය තරග පැවත්වෙන ක්‍රීඩාංගණයක් බවට ද පත්වන්නේනම් එම දේශගුණික අත්දැකීම සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇත.එසේම ඒ සමඟ රඳැල්ල ක්‍රීඩාංගණය ආසන්නයට වන වෙළඳ මධ්‍යස්ථාන ආදිය ඇති කිරීම වැදගත් වන්නේ විදේශිකයන්ට ප්‍රියමනාප ස්ථානයක් හැටියට එය ලාබදායි ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වීමට තිබෙන ඉඩ නිසාය.විදේශිකයන් වඩාත් ප්‍රිය කරන එළවළු,පළතුරු මෙන්ම තේ පානයට ද පහුසවෙන් ඉඩ සැළිසිය හැකි මධ්‍යස්ථානයක් වීමේ හැකියාව රදැල්ලට ඇත.
දිමුත්ගෙන් පසු කණ්ඩායමේ නායකත්වය ගැන සිතන ආකාරයටම ක්‍රිකට් රටේ ගමනට දායක වන්නේ කෙසේද යන්න විමසා බැලීමේදි මෙන්ම ක්‍රිකට් ආයකනයට නව ලැභදායී ව්‍යාපෘති හැටියට ඉහත කරුණු ගැන අවධානය යොමු කළ හැකිනම් අගනේය.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan