ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 175 ක බැඳුම්කර ගෙවීම පැහැර හරී ද?

Date:

රටේ ආර්ථිකය පිරිහී ඇති මොහොතක සිංගප්පූරුවේ ලැයිස්තුගත ඩොලර් මිලියන 175 ක බැඳුම්කරයකට කූපන් ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුව තිබේ. මෙම බැඳුම්කර කාලසීමාව 2024 දී අවසන් වීමට නියමිත අතර, සිංගප්පූරු කොටස් හුවමාරුව අනුව සියයට 07 ක කූපනයක් සහිතව ඩොලර් මිලියන 175 ක් ගෙවා දමන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටළුවක් පවතී.

මේ නව ගුවන් යානා 25ක් බදු දීමට අවශ්‍ය යැයි පැවසූ ගුවන් සමාගමයි. මෙම ඩොලර් මිලියන 175 ගෙවා දැමීමට මුදල් කොහෙන්ද?

ජනාධිපතිවරයා විසින් ඩොලර් මිලියන 500 ක මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අත්පිට මුදලට ලබාදුන්නේ, මෙරට බදුගෙවන්නන්ගේ ඩොලර් සංචිත භාවිතා කරමිනි. සුපුරුදු පරිදි ඔහුට ද සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ අදහසක් නැති සෙයකි. දුර්වල කළමනාකරණයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය වගකිව යුතු නොවේද?

ශ්‍රී ලංකන් ගුවන් සමාගම බිමටම සමතලා කර දැමීමට එරෙහිව එහි අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු පැවරීමට ජනතාව සූදානම් විය යුතු කාලය එළඹ තිබේ. හාන්ස් විජේසූරිය යනු ඩයලොග් සමාගමේ ඉහළ විධායක නිලධාරියකි. ජනාධිපතිවරයාගේ සමීප මිතුරකු වන මලික් ප්‍රනාන්දු ගේ තේ අපනයනයෙන් විදේශ ආදායමක් ලබන අයෙකි. කිමාලි වන ඔහුගේ බිරිඳ ලංකාවේ සංචාරක කර්මාන්තය විනාශ කළාය. ජයන්ත පෙරේරා ගුවන් සේවයෙන් ටිකට් මිලදී ගන්නේ විකිණීමට වන අතර, අශෝක් පතිරගේ බැංකුවලට බිලියන ගණන් ණය වී සිටියි.

ජනපති ගෝඨාභය වටා සිටින ප්‍රධාන කණ්ඩායම මෙයයි. මොවුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇලී ගැලී සිටින්නේ ගුවන් ටිකට්පත් සඳහා පමණක් ම නොවේද? මෙය දැයේ ජාතික ගුවන් සමාගම පිළිබඳ කණගාටුදායක තත්ත්වයක් නොවේද?

ජනාධිපතිවරයාගේ වාර්තාව ගැන පැවසීමට ඇත්තේ ද එයමය. ඒ අතරේ ඔහු වටා සිටින ගජමිතුරන් රැළ මෙසේ නොහොඹිනා ලෙස හැසිරීම අනුමත කළ හැකි ද?

කෝප් කමිටුවේ සාමාජිකයිනි, අවනඩුව ඔබට බාරයි!

ඇඩොල්ෆ්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...