සටහන – රුවන් නෙළුගොල්ල
දීර්ඝ කාලීන වාමාංශික දේශපාලන ක්රියාකාරිකයකු, නිදහස් ලේඛකයකු සහ මාධ්යවේදියකු වන ඥානසිරි කොත්තිගොඩ විසින් රචිත “නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” කෘතිය ජුලි 07 වන අඟහරුවාදා සවස 03.00 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩල ශ්රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.
එහිදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ, රණත් කුමාරසිංහ සහ අනූප නන්දුල විසින් දේශන පැවැත්වීමට නියමිත අතර රෝහිත භාෂණ අබේවර්ධන ද සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් දේශනයක් පැවැත්වීමට නියමිත ය.
මෙම අවස්ථාවට සහභාගී වන මෙන් ඥානසිරි කොත්තිගොඩ සියලු දෙනාටම ආරාධනා කර සිටී.




