බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි..

රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ LNW :

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) බස් ගාස්තු සංශෝධනය ලිඛ්තව නිවේදනය කර ඇති අතර එය සඳුදා (ජූලි 6) සිට ක්‍රියාත්මක වේ.

නව ව්‍යුහය යටතේ අවම බස් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා වැඩි වේ.

සංශෝධිත ගාස්තු ව්‍යුහය කිලෝමීටර් 100 දක්වා ගමන් සඳහා 12% ක වැඩිවීමක් නියම කර ඇති අතර කිලෝමීටර් 100 ඉක්මවන දුර සඳහා ගාස්තු 20% කින් වැඩි කෙරේ.

සුඛෝපභෝගී බස් සේවා සඳහා, ගාස්තු ද ඉහළට සංශෝධනය කෙරෙන අතර, කිලෝමීටර් 100 ට අඩු මාර්ග සඳහා 12% ක වැඩිවීමක් සහ කිලෝමීටර් 100 ට වැඩි ගමන් සඳහා 15% ක වැඩිවීමක් සිදු කෙරේ.

මෙහෙයුම් පිරිවැය වෙනස්කම්වලට අනුකූලව මගී ප්‍රවාහන ගාස්තු සකස් කිරීම පිළිබඳ එකඟතාවයට අනුව මෙම සංශෝධනය සිදු කර ඇති බව NTC පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...