ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:නිරිතදිග පාකිස්ථානයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් ගැඹුරු පාෂාණමය මිටියාවතකට පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
එරට මාධ්ය වාර්තා පවසන පරිදි “ක්වෙටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ මගී බස් රථයක් කඳුකර ඩනා සාර් ප්රදේශයේ ගැඹුරු පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් තිබේ.
ෂෝබ් දිස්ත්රික්කයේ හදිසි ප්රතිකාර මධ්යස්ථානයේ ප්රධානී සනවුල්ලා ෂෙරානි ජාත්යන්තර මාධ්ය වෙත ප්රකාශ කර ඇත්තේ “බසය අඩි 70 සිට 80 දක්වා (මීටර් 21 සිට 24 දක්වා) පමණ දුරින් පිහිටි මිටියාවතකට පෙරළී ගොස් ඇති බවයි.
අද (03) අළුයම් කාලයේ මෙම අනතුර සිදුව තිබේ.
වේගයෙන් ධාවනය වූ බස් රථය පාලනයෙන් ගිලිහී ගොස් බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා පළාත්වල මායිම අසල දුරස්ථ ප්රදේශයක පිහිටි පාෂාණමය මිටියාවතකට පෙරළුණු බව බලුකිස්තාන රජයේ ප්රකාශක ෂාහිඩ් රින්ඩ් ජාත්යන්තර මාධ්ය වෙත ප්රකාශ කර ඇත.
අදාළ නිලධාරීන් දෙදෙනාම පවසා ඇති පරිදි මෙම අනතුරින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබේ.
පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි මගී බස් රථ අනතුරින් මියගිය අයගේ පවුල් වෙත ශෝකය පළ කර තිබෙන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කළේය.


