දූෂණ විරෝධී අරගලයේ ප්‍රමුඛයකු වූ අභාවප්‍රාප්ත නිහාල් ශ්‍රී අමරසේකරගේ අවසන් කටයුතු හෙට

මෙරට රාජ්‍ය අංශයේ දූෂණ, වංචා, රාජ්‍ය දේපළ අවභාවිතාවන්ට එරෙහිව රාජ්‍ය අංශයේ වගවීම, මූල්‍ය විනිවිදභාවය සහ පද්ධතිමය අඛණ්ඩතාවය වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ එඩිතරව සටන් වැදුණු ප්‍රමුඛ පෙළේ දූෂණ විරෝධී ක්‍රියාකාරිකයකු වූ නිහාල් ශ්‍රී අමරසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (ජුලි 04) සෙනසුරාදා පස්වරු 1.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ අමරසේකර මහතා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1970 දශකයේ මුල් භාගයේදී මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික උපදේශන ආයතනයක් ආරම්භ කරමිනි.

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කළ ඒ මහතා පසුව රාජ්‍ය අංශයේ තනතුරු රැසක් හෙබවූ අතර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (PERC) සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ජාතික දේපළ පෞද්ගලික අංශය සතු වීමේ වංචනික ක්‍රියාවලීන්ට එරෙහිව දැඩි ලෙස පෙනී සිටියේය.

නිහාල් ශ්‍රී අමරසේකර මහතා වඩාත් ප්‍රසිද්ධ වූයේ පොදු යහපත උදෙසා අධිකරණය හමුවේ තනිවම නඩු පවරන (Public-interest litigator) සහතික ලත් වංචා පරීක්ෂකවරයෙකු (Certified Fraud Examiner – CFE) වශයෙනි. විවිධ ආණ්ඩු විසින් ගෙන ආ පෞද්ගලීකරණ පනත් සහ මූල්‍ය විසර්ජන පනත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ ඔහු තනිවම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ සුවිශේෂී පුරවැසියකු විය.

එමෙන්ම එකී අධිකරණ ක්‍රියාවලීන් මෙන්ම මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශනාත්මක තොරතුරු ඇතුළත් ග්‍රන්ථ මාලාවක් ද ඒ මහතා විසින් අනාගත පරපුර වෙනුවෙන් රචනා කර ප්‍රසිද්ධ කර ඇත. පුරවැසි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහා ආදර්ශයක් වන ඒ මහතාගේ අභාවයෙන් මතුවන හිඩැස යළි පිරවිය නොහැකි වන තරම් ය.

නිහාල් ශ්‍රී අමරසේකර මහතාගේ අභාවය වෙනුවෙන් අපි ඒ මහතාගේ පවුලේ සැමට අපගේ බලවත් ශෝකය පළකරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...