අපේ ඩුප්ලිකේට් කෙනා සහය නොදුන්නට එයාගේ පක්ෂයේ 90%ක් අපට එනවා – රවී

Date:

කොළඹ LNW: L බෝර්ඩ් ගහගෙන ගිහිල්ලා මේ රට ගොඩ දැමිය නොහැකි අතර ඊට අවශ්‍ය වන්නේ දක්ෂතාවය මෙන්ම පළපුරුද්ද තිබෙන නායකත්වයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

මේ වන විටත් රට ගොඩනැගීමේ නිර්භීත අභියෝගය බහ්රගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වන අතර සිය ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ද 90%ක සහය වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට ඉදිරියේ ලැබෙන බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

”ආර්ථිකය ජයග්‍රහණය කරන්න මේකේ L බෝර්ඩ් දාලා ජන්දෙදි නොයෙක් විහිළු කතා කියල මේ රටේ ජනාධිපතිවරයෙක් පත්කිරීම නොවෙයි රටට සෙත. රටට අවශ්‍ය වන්නේ දක්ෂතාවයක් සහ පළපුරුදු ලංකාව ලෝකයට එක්සත් කරන්න පුළුවන් දැනුවත්කම පාවිච්චි කරලා සිංහල දෙමල මුස්ලිම් මැලේ බර්ගර් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් වශයෙන් කටයුතු කරන්න පුළුවන් එවැනි වාතාවරණයක නායකත්වයක් දීමයි. L බෝර්ඩ් ගහගෙන කාර් එක හැප්පි හැප්පි ගිහිල්ලා මේ රටේ කවදාකවත් රටක් ජයග්‍රහණය කරන්න බැහැ. බලන්න මේ ආර්ථික කඩා වැටීම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අය කිව්වේ මේ කෙටි කාලය තුළ මෙතෙක් විශිෂ්ට ජයග්‍රහණයක් ඇති වීම ලෝකයේ දැකල නැහැ කියල. ඒකේ මූල්‍ය විනයත් නිර්භීත අභියෝගයත් භාරගත්තේ කවුරුවත් නෙවෙයි ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා. දැන් මේක දැකල අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ අය නොයෙක් කතා කියනවා. අපේ ඩුප්ලිකේට් එකේ ඉන්න මනුස්සයා කියනවා ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට කිසිම සහයක් දෙන්නේ නැහැලු. අපි දන්නවා එතුමා කොහොමත් එවැනි දෙයක් දෙන්නේ නැහැ. නමුත් එතුමාගේ පක්ෂයේ අනිවාර්යෙයන් 90%ක් ඒකට සහයෝගයක් නෙවෙයි ඊට වැඩිය සහයෝගයක් දෙන එක වැඩිකලක් යන්න කලින් පේන්න තියෙයි” යනුවෙන් රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...