විදෙස් බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටත් එකඟතාවක්!

Date:

කොළඹ LNW: ඩොලර් බිලියන 12.5 ක වටිනාකමකින් යුත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට එම බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවකට පැමිණ තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඇමරිකානු ඩොලර් බිලියන 37 ක මුළු විදේශ ණය වලින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ක් වන අට්‍ර්හ එයද ප්‍රතිව්‍යුහගත විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් පනවා තිබුණි.

ඒ අනුවයි එම සාකච්ජා අඛණ්ඩව පවත්වා තිබුණේ.

එම එකනගතා ගිවිසුමද රට තුළ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමේ තීරණාත්මක පියවරක් බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියි.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ එකගතාවයන්හි සංසන්දනාත්මක බව තහවුරු කිරීමට සහ ණය තිරසාර විශ්ලේෂණයේ ඉලක්කවලට අනුකූල බව තහවුරු කිරීමට නිල ණයහිමි කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුමැතිය අවශ්‍ය වන බවත් මෙය ආර්ථික පුනර්ජීවනය සහ ශක්තිමත් කිරීම සඳහා වන ගමනේ තවත් ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් සේමසිංහ මහතා තවදුරටත් පවසයි.

මෙම සන්ධිස්ථානය ගෝලීය වශයෙන් අනුගමනය කරන ගුණාත්මක භාවිතයන්ට අනුකූලව රජය විසින් සිදු කරන ලද ආර්ථික හා පාලන ප්‍රතිසංස්කරණවල පිළිබිඹුවක් ලෙස සැලකිය හැකි අතර අනාගතයට ඔරොත්තු දෙන සහ තිරසාර ආර්ථික රාමුවක් නිර්මාණය කිරීමේදී මෙම ප්‍රතිසංස්කරණ වැදගත් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...