ගංවතුරෙන් චීනයේ ජියැංසි අසරණ වෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගංවතුර හේතුවෙන්, චීනයේ ජියැංසි පළාතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නැඟෙනහිර චීනයේ ජියැන්ග්සි පළාතේ අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා බලධාරීන් හතර වන මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව සඳහන් වේ.

විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් පිටත් කර යවා තිබෙනවා.

විපතට පත්වූවන් වෙනුවෙන් චීන මධ්‍යම රජය යුවාන් මිලියන 8.13 ක් එනම් ඩොලර් මිලියන 1.14 වෙන් කර ඇති බව එරට මාධ්‍ය නිවේදනය කළේය.

නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාපතනයෙන් බලපෑමට ලක්ව ඇති අතර, යැංසි ගඟේ මැද හා පහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යාම නිසා පෝයැං හා ඩොංටින් යන විල් වල ජාල මට්ටම් ද ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...