දැන් ඇති. ඉල්ලා අස්වෙන්න – විපක්ෂ නායක සජිත් ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට කියයි (VIDEO)

Date:

තවදුරටත් මේ ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බවත් එබැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් ජනතා අරගලය ආරම්භ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි ඉල්ලා සිටියේය.

මේ මොහොතේ රටට එරෙහි එක් කල්ලියක් හෝ පුද්ගලයෙක් ආරක්ෂා කිරීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කිරිම වෙනුවෙන් කැපවෙන ලෙස විපක්ෂ නායකවරයා ආරක්ෂක අංශවලින් ද ඉල්ලීමක් කළේය.

දින 5කින් මාස 5 කින් මේ රටේ පවත්නා ප්‍රශ්න ක්ෂණිකව විසඳිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා එවැනි මුසාවාද වලට නොරැවටෙන ලෙසත් තවදුරටත් මේ රටේ ජනතාව රැවැට්ටවීමට හෝ ඇන්දවීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් එය අවාසනාවන්ත තත්ත්වයක් බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (03) පස්වරුවේ විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති හමුවකදීය.

මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වසර පහක කාලයක් අවම වශයෙන් ගතවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඉන් මෙහා මේ රට ගොඩනගන බවට කියන කතා නිශ්ඵල බව ද සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...