ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික වෛද්‍ය යන ක්ෂේත්‍රයන් දෙකම රැකගත යුතුයි – විපක්ෂ නායක සජිත්

වත්මන් රජය විසින් නව ආයුර්වේද සංශෝධන පනතක් හරහා, ශ්‍රී ලාංකික පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම විනාශ කිරීමේ ප්‍රයත්නයකට සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය නියාමනය සඳහා සුදුසු නීති පද්ධතියක් අවශ්‍ය බව තමන් පිළිගන්නා නමුත්, එම නීති පද්ධතිය සකස් කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික වෛද්‍ය යන අනු ක්ෂේත්‍රයන් දෙකටම සුදුසු වන පරිදි බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මෙවැනි පනත් ගෙන ඒමේදී ප්‍රථමයෙන්ම සිදු කළයුත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වරයා ඇතුලු පාර්ශව එක්ව විධිමත් සාකච්ඡාවක් පවත්වා සැබෑ තත්ත්වය තේරුම් ගැනීම බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ වනවිට ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇති පනත ද, ඒ පාර්ශවයන් වහාම කියවා අවබෝධ කරගත යුතු බව ද පැවසීය.

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල ගැටළු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (03) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා මෙම අදහස් දැක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...