*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනතාවට කොළේ වහල මහ බැංකුව බෙදා ගත්ත හැටි!

කොළඹ LNW:මහ බැංකුව තමන්ගේ සේවකයින්ට ඉහළ ප්‍රතිලාභ ලබා දෙන නමුත් ජනතාවට එවැනි සැලකිල්ලක් නොදක්වන බව අද (04) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

සාමාන්‍ය ජනතාවගේ අර්ථ සාධක අරමුදල් කළමනාකරණය කරන අතර තුර මහ බැංකුව විසින් සිය නිලධාරීන්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වාගෙන යමින් වැඩි ප්‍රතිලාභ ඔවුන් ලබා ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

2022 වසරේ දී මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල් ආයෝජනය කර ලැබුණු ලාභයෙන් සෑම සාමාජිකයෙකුගේ ගිණුමට 29%ක පොළී ආදායමක් බැර කර තිබුණ නමුත් ඒ මහ බැංකවම කලමනාකරණය කරන සාමාන්‍ය ජනතාවගේ අර්ථ සාධක අරමුදලේ ආදායමෙන් එහි සාමාජිකයින්ට ලබා දුන්නේ යන්තම් 9%ක පොළී ආදායමක් පමණක් බව හෙතෙම කියාසිටියේය.

”මේ රටේ සිටින ලක්ෂ 190ක අර්ථ සාධක අරමුදල් කලමනාකරණය කරන්නේ මහ බැංකුවයි. වැඩිම ලාභයක් ලැබෙන සුරක්ෂිත ආයෝජන තුළ ආයෝජනය කරලා අර්ථ සාධක සාමාජිකයින්ට ඉහළම පොළියක් ලබා දීම මහ බැංකුවේ වගකීමයි. මහ බැංකුව අපේ අර්ථ සාධක ගිණුම් කළමනාකරණය කරන අතරේ මහ බැංකුවේ නිලධාරීන්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වා ගෙන යනවා. 2022 වසර කියන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේ ඉහළම පොළී අනුපාත වාර්තා වුණ වසර. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල පොළී අනුපාතය 32% තරම් ඉහළ ගියා. 2022 වසරේ දී මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල් ආයෝජනය කරලා ලැබුණු ලාභයෙන් සෑම සාමාජිකයෙකුගේ ගිණුමට 29%ක පොළී ආදායමක් බැර කරලා තිබුණා. නමුත් ඒ මහ බැංකවම කලමනාකරණය කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලේ ආදායමෙන් එහි සාමාජිකයින්ට ලබා දුන්නේ යන්තම් 9%ක පොළී ආදායමක් පමණයි. මහ බැංකුව නම් අර මුදල් දෙකම කළමනාකරණය කරන්නේ ඒ අයගේ අරමුදලෙන් 29%ක පොළියක් සාමාජිකයින්ට ගෙවද්දි රටේ ජනතාවට 9%ක සොච්චම් පොළියක් ලබා දුන්නේ ඇයි?

මහ බැංකුවේ අරමුදල් ඉහළම ප්‍රතිලාභ ලැබෙන තැන්වල ආයෝජනය කරලා ජනතාවගේ අරමුදල් අඩු ප්‍රතිලාභ ලැබෙන තැන්වල ආයෝජනය කිරීම කෙතරම් අසාධාරණ ද? සාපරාධි විශ්වාසය කඩ කිරීම කියන සිර දඬුවම් ලබා දිය හැකි වරදයි මහ බැංකු නිලධාරීන් කරලා තිබෙන්නේ. මේ අසාධාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් මහ බැංකු අධිපතිතුමා විසින් රටට කළ යුතුමයි. ඒ වගේම මේ වරද යළි නොවන්න නම් මහ බැංකු නිලධාරීන්ගේ අර්ථ සාධක අරමුදල් ද මහජනතාවගේ අර්ථ සාධක අරමුදල් වලටම එකතු කරලා එක අරමුදලක් ලෙස කළමනාකරණය කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.

අර්ථ සාධක අරමුදලේ ගිණුම් පරික්ෂා කළාම ඉතිහාසයේ වැඩිම ආදායම ලබලා තිබෙන්නේ 2022 දී. ඒක රුපියල් බිලියන 357 ක්, නමුත් මේ ආදායම පොළී ලෙස සාමාජික ගිණුම්වලට බැර කළේ නැත්තේ ණය ප්‍රතිව්‍යුහකරණයේ දී අර්ථ සාධකේ බිලි දීමට ආණ්ඩුව මුල ඉඳන්ම සැලසුමක හිටියා කියන සාධාරණ සැකය මතු වෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan