*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අග්‍රාමාත්‍යවරයා සහ සීෂෙල්ස් මහ කොමසාරිස්වරිය අතර හමුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අරලියගහ මන්දිරයේදී සීෂෙල්ස් මහ කොමසාරිස්වරිය වන ලලතියානා ඇකුචේ (Lalatiana Accouche) මහත්මිය හමු වූ අවස්ථාවේදී, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ,හෙද සහ සෞඛ්‍ය සේවා වැනි අනෙකුත් ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා වැඩි කිරීම පිළිබඳව සලකා බලන ලෙස  කොමසාරිස්වරියගෙන්  ඉල්ලීමක් කර ඇත .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ, එයාර් සීෂෙල්ස් සෘජු ගුවන් ගමන් කොළඹට හඳුන්වාදීම තුළින් සංචාරක පැමිණීමේ වර්ධනයක් ඇති කරන බවයි.

මහ කොමසාරිස්වරිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ , තමාට අක්තපත්‍ර ප්‍රදානය සිදු වූ අවස්ථාවෙන් අනතුරුව ඇල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කිරීමෙන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව තමන් මවිත වූ බවයි.

ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, විනිසුරුවන්, ඉංජිනේරුවන් සහ ගුරුවරුන් වැනි ශ්‍රී ලාංකික වෘත්තිකයන් සැලකිය යුතු පිරිසක් සීෂෙල්ස් හි සේවය කරන අතර ඔවුන්ගේ සේවය තම රට විසින් බෙහෙවින් අගය කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan