මහ මැතිවරණ පරාජය සමඟින් රිෂී සුනක් තම පක්ෂයෙන් ඉල්ලා අස් වෙයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 05,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මහ මැතිවරණයෙන් ලේබර් පක්ෂය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය සමඟ “මට සමාවෙන්න” යැයි පවසමින් රිෂි සුනක් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

නමුත් සුනක් මහතා පැවසුවේ තමාගේ භූමිකාව වහාම අත් නොහරින බවයි.

“ඔබේ අගමැති වීමට ලැබීම මට ගෞරවයක්, මෙය ලෝකයේ හොඳම රටයි” සිය දේශනය අතරතුර මෙසේ පැවසීය.

රටේ විශාල ප්‍රදේශ රතු පැහැයට හැරීම නිසා කොන්සර්වේටිව් පක්ෂයට වාර්තා වී ඇති වෙනත් ඕනෑම මැතිවරණයකට වඩා ආසන සංඛ්‍යාවක් අහිමි වී ඇත.

ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ජයග්‍රහණය කිරීමත් සමඟ එක්සත් රාජධානියට “වසර 14 කට පසු එහි අනාගතය නැවත ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇති” බව ප්‍රකාශ කරයි.

නෝර්ත් යෝක්ෂයර් හි රිච්මන්ඩ් හි ඔහුගේ ආසනය ජයග්‍රහණය කිරීමෙන් පසු, සුනක් මහතා පරාජය පිළිගෙන තවදුරටත් මෙසේ පැවසීය: “මෙම මහ මැතිවරණය කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර ඔහුගේ ජයග්‍රහණයට සුබ පැතීමට මම ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ට කතා කළෙමි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...