සටහන – රුවන් නෙළුගොල්ල
මෙවර ඩෙංගු රෝග ව්යාප්තිය වර්ධනය වී ඇත්තේ ඩෙංගු ප්රභේදයේ වෙනසක් නිසා බවත් සාමාන්යයෙන් වසර 4කට වරක් මෙවැනි තත්වයක් උද්ගත වන බවත් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
“විශේෂයෙන්ම මේ පාර ඩෙංගු වැඩිවීමක් වාර්තා වෙනවා. ඒ වැඩිවීම වාර්තා වෙන්නේ මේ ප්රභේදයේ වෙනසක් නිසා. සාමාන්යයෙන් අවුරුදු හතරකට සැරයක් මේ වගේ තත්වයක් ඇතිවෙනවා. නමුත් අපි ප්රදේශයක් හැටියට බලන්නේ අඛණ්ඩව ඒ ප්රදේශය ක්ලීන් එකට තියාගන්නත්, ජනතාව තමන්ගෙ වගකීම ඒ ආකාරයෙන් ඉෂ්ට කරගන්නත්. මොකද ඩෙංගු මදුරුවන් බෝවෙන්නෙ සාමාන්ය කාණු පද්ධති හෝ ඇළමාර්ගවලට වඩා තමන්ගෙ ගෙදර එකතුවෙන පිරිසිදු ජලයේ. ඉතින් ඒ පිරිසිදු ජලය එකතුවෙන තැන් අයින් කරගන්න ඒ වගකීම විශේෂයෙන්ම ගෙහිමියන්ට එනවා”
චතුරංග අබේසිංහ නියෝජ්ය අමාත්යවරයා මේ බව පැවසුවේ පොලීසිය සහ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් සමග කෝට්ටේ ප්රදේශයේ නිවාස පරීක්ෂාවකට එක්වෙමිනි.


