සටහන – විශේෂ වාර්තාකරුවෙකු විසිනි.
ජූලි 05, LNW(කොළඹ): 2025 වර්ෂයේ ශ්රි ලංකාවේ ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 5003ක් ලෙස ගණනය කර ඇත. ඒ අනුව අප රට නැවතත් ඉහළ මැදි ආදායම් රටක් ලෙස ලෝක බැංකුව නම් කර ඇත. 2025දී රටේ දළ දේශිය ආදායම ඩොලර් බිලියන 108.8ක් ලෙසත් වසර මැදි ජනගහනය මිලියන 21.756ක් ලෙසත් සලකා මෙලස වර්ගිකරනය කර ඇති බව පෙනියයි.
මේ පිළිබඳව විමසා බැලීමේදී පහත සඳහන් කරුණු පෙන්වා දිය හැකිය.
- ඒක පුද්ගල ආදායම ගණනය කිරිමට යොදාගන්නා වසර මැදි ජනගහනය 2025 දී මිලියන 21.756 ලෙස සලකා ඇත. එහෙත්, එය 2024හි මිලියන 21.916ක් වුනි. ඒ අනුව 2025 මැදි ජනගහනය 2024ට වඩා අඩුවී ඇත. මෑත ඉතිහාසයේ එවැන්නක් වාර්තා වී නැත. ඒ සමගම, මහ බැංකු වාර්තාවටම අනුව, 2025 වසර අග ජනගහනය 2024 වඩා 0.6%කින් වැඩිවී ඇති අතර, 2025 ජනගහනයේ 1000කට උපත් අනුපාතය 9.9 ලෙසද මරණ අනුපාතය 7.9 ලෙසද සදහන් කරයි.
- 2025දී, දළ දේශීය නිෂ්පාදනය රුපියල් වලින් 5% ක වර්ධනයක් පෙන්නුවද, එහි වර්ධන ඩොලර් වලින් 10%කට ආසන්න වර්ධනයක් පෙන්වයි. එමෙන්ම, මෙම වසරේදි රුපියල අධිප්රමාණය වී ඇත්තේ 1%ටත් අඩුවෙනි.
- ගෙවුම් ශේෂයේ අත් හැරිම් සහ දෝෂ (E&OE) විශාල ලෙස වැඩිකර පෙන්විමද – එනම් ඉතිහාසයේ කිසි විටෙක නොතිබුණු ඩොලර් මිලියන 808 – ඇතැම් විට මෙම සාර්ව ආර්ථික දත්ත අවශ්ය ලෙස වෙනස් කිරීමට යොදාගත් උපක්රමයක් විය හැකිය.

