ඇවිලෙන SLFP ගින්න – දයාසිරිගෙන් පැමිණිල්ලක්

Date:

කොළඹ LNW: අධිකරණ තීන්දුව අනුව තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස වැඩ භාර ගැනීම සඳහා ඊයේ (05) දින පක්ෂ මූලස්ථානය වෙත ගියද ඊට ඇතුල්වීමට අවසර නොලැබීම හේතුකොට ගනිමින් අද (06) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කිරීමට දයාසිරි ජයසේකර මහතාට නීතිමය අයිතියක් ඇති බවට නියෝගය ලබා දී තිබුණේ කොළඹ දිසා අධිකරණය මඟිනි.

ඒ අනුවයි ඔහු නැවත වැඩ භාර ගැනීම සඳහා සිය ආධාරකරුවන්ද සමඟ පක්ෂ මුලස්ථානය ඉදිරිපිටට රැස්වුණේ.

කෙසේවෙතත් පක්ෂයේ සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද පැමිණිල්ලක් කර තිබුණු හෙයින් ඊයේ දින පොලීසිය දයාසිරි ජයසේකර මහතාට මූලස්ථානයට ඇතුල් වීමට ඉඩ දී තිබුණේ නැහැ.

කෙසේවෙතත් ඔහු පක්ෂය ඉදිරිපිට යළි භාර ගැනීමද සිදුකළ අතර පැමිණ සිටි ශ්‍රීලනිප පාක්ෂිකයින්ද අමතනු ලැබීය.

පක්ෂයේ හිටපු සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහු මහ ලේකම් ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මහතාව ඉන් ඉවත් කළද යළි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතාව පිළිගෙන තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් ශ්‍රීලනිප සභාපති ලෙස පත්ව සිටින්නේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතායි.

කෙසේවෙතත් මේ වන විට ශ්‍රීලනිපය දෙපිල බෙදී සිටින අතර පවතින තත්ත්වය අනුව බලය තහවුරු අකර ගැනීම සඳහා දෙපාර්ශවයම ගැටෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...