විස්වසනීය ස්ථාවර පාලනයක් රටට අවශ්‍යයි, ඒකට අපි සූදානම් – අනුර

Date:

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සම්බන්ධයෙන් රටතුළ මෙන්ම ජාත්‍යන්තරය තුළද විස්වාසය බිඳවැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. රටේ ජනතාවගේත් ජාත්‍යන්තරයේත් විස්වාසය දිනා ගැනීමකින් තොරව රටක් පාලනය කළ නොහැකි බවද ජවිපෙ නායකයා සඳහන් කරයි.

ඒ නිසා රටට මේ මොහොතේ අවශ්‍ය විස්වසනීය ස්ථාවර පාලනයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව සම්බන්ධයෙන් විස්වාසයක් නොමැතිව කිසිදු රටක් ශ්‍රී ලංකාවට සහාය ලබා නොදෙන බවත්, ඉන්ධන ආනයනය ඇතුළු ආනයන කටයුතු සඳහා හේතු වී තිබෙන්නේද රටේ විස්වාසය බිඳවැටීම බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

රටේ ජනතාවගේත් ජාත්‍යන්තරයේත් විස්වාසය දිනාගත හැකි පාලනයක් ස්ථාපිත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බවද අනුර දිසානායක මහතා පවසයි. එම පාලනය යටතේ රටේ අර්බුද විසඳීම සඳහා අත්‍යවශ්‍ය කරුණු 05 ක් සම්පූර්ණ කරගත යුතු බව ජවිපෙ නායකයා පවසනවා.

විදෙස් ණයක් ලබා ගැනීම, ගෙවීමට ඇති ණය පසුව ගෙවීම, විදෙස් සහ ශ්‍රමිකයින්ගෙන් මුදල් උපයා ගැනීම, සංචාරක ව්‍යාපාරයෙන් මුදල් උපයා ගැනීම සහ පාරිභෝජන රටාවේ සිදුකරන වෙනස්කම් එම කරුණු 05 බවයි දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...