*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

EPF එකේ පාඩුව ගැන තවදුරටත් …

කලින් ලිපිය තරමක් නොමග යවන සුළු බව එක් පාඨකයෙක් විසින් පෞද්ගලිකව පෙන්වා දුන්නා. මම හිතන්නේ ඇතැම් දේවල් තේරුම් ගන්න ලිපියේ සඳහන් කරුණු ප්‍රමාණවත් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා EPF එකට පාඩුවක් සිදුනොවන බව මම එම ලිපියේ කියා නැහැ.

මම කියා තිබෙන්නේ පාඩුවක් වෙනවාද නැද්ද කියන එක හරියටම තීරණය වෙන්නේ ඉදිරි කාලයේදී සිදු වන දේ අනුව බවයි. වෙනත් විදිහකින් කිවුවොත්, ණය හුවමාරුව නිසා දිගුකාලීනව EPF එකට පාඩුවක් වීම හෝ ලාබයක් වීම විවෘත කරුණක් බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්කය වුනේ රජයේ ණය බර අඩු කර ගැනීම. රජය ණය බර අඩු කර ගනිද්දී ණයහිමියන්ට කවර හෝ පාඩුවක් වෙනවා. EPF එකට කියලා මේකේ වෙනසක් නැහැ. රජය විසින් EPF එකෙන් දැනට අරගෙන තිබෙන ණය හා අදාළව පමණක් තත්ත්වය විමසා බැලුවොත් අනිවාර්යයෙන්ම EPF එකට පාඩුවක් සිදු වෙනවා.

තොරතුරු ප්‍රමාණවත් නැති නිසා මෙම පාඩුව හරියටම ගණන් හදන්න බැහැ. නමුත් දැනට අරගෙන තිබෙන ණය හා අදාළව මෙම පාඩුව හරියටම ගණන් බැලිය හැකි පාඩුවක්. ඒ සඳහා අවශ්‍ය වන්නේ EPF එක හෝ වෙනත් විශ්‍රාම වැටුප් අරමුදලක් සතුව දැනට තිබෙන බැඳුම්කර වල විස්තර පමණයි.

මෙය ගොඩක් අයට ප්‍රශ්නයක් නිසා අපි දළ ඇස්තමේන්තුවක් හදමු.

කලින් ලිපිය සමඟ පළ කළ වගුවේ ගණන් හදා පෙන්වා ඇති පරිදි දැනට නිකුත් කර තිබෙන සියලුම බැඳුම්කර වෙනුවෙන් ගෙවන බරිත සාමාන්‍ය පොලිය 11.97%ක්. අපි මෙය 12% ලෙස ගනිමු. මෙම බැඳුම්කර 2023 ජූලි 15 සිට (එනම් තව දින 12කින්) 2045 මාර්තු 1 (එනම් තව වසර 22කින්) දක්වා කල් පිරෙනවා. ප්‍රශ්නය සරල කර ගැනීම සඳහා අපට මෙම කල් පිරීමේ දින වල බරිත සාමාන්‍ය අගය සලකන්න පුළුවන්. එම දිනය 2027 ඔක්තෝබර් 27.

වෙනත් විදිහකින් කිවුවොත් 5.0% සිට 22.5% දක්වා වන කූපන් පොලී අනුපාතික වල බරිත සාමාන්‍ය අගය 11.97% වන අයුරින් 2023 ජූලි 15 සිට 2045 මාර්තු 1 දක්වා කල් පිරෙන බැඳුම්කර සියල්ලේ කල් පිරෙන දිනය බරිත සාමාන්‍යයක් ලෙස 2027 ඔක්තෝබර් 27 ලෙස සලකන්න පුළුවන්. ඒ නිසා, මෙම බැඳුම්කර වර්ග 64 සමස්තයක් ලෙස ගත් විට.11.97% කූපන් පොලියක් ගෙවන 2027 ඔක්තෝබර් 27 කල් පිරෙන එක් විශාල බැඳුම්කරයකට සමාන කරන්න පුළුවන් (actuarially equivalent). මේ අනුව, 2023 ජූනි 30 දින සිට ගණන් හැදුවොත් ආසන්න වශයෙන් අවුරුදු 4.3කින් කල් පිරෙන ආසන්න වශයෙන් 12%ක කූපන් ගෙවන බැඳුම්කරයක්.

ප්‍රතිව්‍යුහගත කළාට පස්සේ කල් පිරීම සිදු වෙන්නේ 2027-2038 අතර. දවස හරියටම නොදන්නා නිසා වසරේ මැද සැලකුවොත් සාමාන්‍ය අගය (expected value) 2033 ජූනි 30. ඒ කියන්නේ හරියටම අවුරුදු 10කින්.

අවුරුදු දහයකින් ආපසු ලැබෙන මුදලක් සහ අවුරුදු 4.3කින් ආපසු ලැබෙන මුදලක් සෘජුව සංසන්දනය කරන්න බැහැ. ගොඩක් අය කරන වැරැද්ද ඕකයි. ඒ නිසා, අපි මේ දෙවන බැඳුම්කරය කොටස් දෙකකට කඩමු. පළමුව වසර 4.3කට ආයෝජනය කරනවා. දෙවනුව, වසර 4.3කට පසු අතට ලැබෙන මුදල තවත් වසර 5.7කට ආයෝජනය කරනවා. දැන් අපිට මෙහි පළමු කොටස පමණක් අරගෙන දැන් තත්ත්වය එක්ක සංසන්දනය කරන්න පුළුවන්. එහෙම කරලා ලාබ පාඩු ගණනය කරන්න පුළුවන්.

දැන් මේ පළමු කොටස පමණක් ගත්තොත්, ඒ කොටස සඳහා පළමු වසර 2.5 තුළ 12%ක පොලියක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් ලැබෙන පොලියමයි. නමුත් ඉතිරි වසර 1.8 තුළ ලැබෙන්නේ 9%ක පොලියක්. ඒ කියන්නේ 3%කින් අඩු පොලියක්. ඒ අනුව, වසර 1.8කදී 5.4%ක පමණ පාඩුවක් වෙනවා. මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,032ක් බැවින් EPF එක සතු කොටස එයින් 37%ක් පමණ සේ උපකල්පනය කර එම ප්‍රමාණයෙන් 5.4%ක් ගණන් බැලුවොත් මෙහි රුපියල් බිලියන 180ක පමණ පාඩුවක් තිබෙනවා. අදාළ තොරතුරු ලැබෙද්දී මේ ගණන හරියටම ඇස්තමේන්තු කරන්න පුළුවන්.

දැන් මේ විදිහට මේ පාඩුව ගණන් හැදීමේදී අපි සලකා බැලුවේ දැන් මිල දී ගෙන තිබෙන බැඳුම්කර කල් පිරෙන තුරු තත්ත්වය පමණයි. බැඳුම්කර හුවමාරුවෙන් පස්සේ කල් පිරෙන කාලය තවත් වසර 5.7කින් දිගු වෙනවා. ඒ වගේම, එම කාලය තුළ 9%ක කූපන් පොලියක් ලැබෙනවා.

මේ දෙවන කොටසේ ලාබය හෝ පාඩුව ගණන් බලන්න වෙන්නේ එම කාලයේ EPF එකට ලැබෙන විකල්ප ආයෝජන අවස්ථා වලට සාපේක්ෂව. එම කාලයේදී 9%කට වඩා වැඩි කූපන් පොලියක් ලබා ගැනීමේ විකල්ප අවස්ථාවක් තිබුනොත් අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. එම පාඩුව කලින් ගණන් හදා පෙන්වූ පාඩුවට එකතු වෙනවා.

වෙයිද නොවෙයිද කියලා කියන්න හරියටම දන්නේ නැතත් ඔය කාලය වෙද්දී උද්ධමනය 5% මට්ටමේ තියාගන්නනයි සැලසුම් කරලා තියෙන්නේ. අලුත් මහ බැංකු පණතේ ප්‍රතිපාදන අනුව රජයේ අයවැය හිඟය පියවන්න සල්ලි අච්චු ගහන්න බැරි නිසා උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න එක කළ නොහැකි දෙයක් නෙමෙයි.

උද්ධමනය 5% මට්ටමේ තිබීමට අමතරව රජයේ අයවැය ඉලක්ක (2.3% ප්‍රාථමික අතිරික්තය) සපුරා ගනු ලැබුවහොත් පොලී අනුපාතික 7% වගේ මට්ටමකට එනවා. එවිට 9% සහතික කළ කූපන් පොලිය නිසා ඔය අවුරුදු 5.7% තුළ අවුරුද්දකට 2%ක අමතර ලාබයක් ලැබෙනවා. ඒ කියන්නේ, 11.4%ක ලාබයක්. කලින් විදිහටම ගණන් හැදුවොත් රුපියල් බිලියන 380ක් පමණ. මේ ලාබයෙන් අර කලින් කියපු පාඩුව නිශේධනය වෙනවා.

කොහොම වුනත් අනාගතයේ ලැබෙන මුදලක වටිනාකම අඩුයි. ඒ නිසා, ඔය දෙවන ලාබ මුදල පළමු පාඩු මුදල එක්ක සංසන්දනය කරන්න කලින් යම් වට්ටම් කිරීමක් කරන්න වෙනවා. 9% වට්ටම් අනුපාතිකයක් (discount factor) යොදාගත්තොත් ඔය රුපියල් බිලියන 380 රුපියල් බිලියන 230කට පමණ අඩු වෙනවා. හැබැයි ඒත් රුපියල් බිලියන 180ක පාඩුවට වඩා වැඩියි.

දැන් ඔය කියපු ලාබය ලැබෙන්නේ පොලී අනුපාතික 7% මට්ටමට අඩු වුනොත්. සැලසුම් අනුව එසේ විය යුතු වුවත් එහෙම නොවෙන්න තිබෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඒ නිසා, සමස්තයක් ලෙස පාඩුවක් වෙන්න තිබෙන ඉඩකඩත් වැඩියි.

මම හැමදාම කියනවා වගේ අනාගතය නිශ්චිතව ලියැවිලා නැහැ. අනාගතය කියන්නේ අප‍ට වෙනස් කර ගත හැකි විවෘත එකක්. ඒ නිසා, EPF එකට විය හැකි පාඩු ගණන් හදනවාට වඩා එම පාඩු ලාබ බවට හරවාගත හැකි විදිහ ගැන හිතන එකයි මේ වෙලාවේ වඩා වැදගත්.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan