නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා දැඩි නීති ගේනවා – ප්‍රමිත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම ලංකාව ද දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

තවද, මේ දිනවල පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ක්‍රියාවට නංවා ඇති අතර , ආපදා සහන සැලසීමේදී පවතින චක්‍රලේඛ අවභාවිත වීම වළක්වාලීම සඳහා අවශ්‍ය සංශෝධන ගෙන එන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.  දිස්ත්‍රික්ක 11ක පවුල් 594ක පුද්ගලයන් 2247ක් පමණ පීඩාවට පත්ව සිටින තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා අවස්ථා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW ! ශ්‍රී ලාංකිකයින්ට නැවතත්...

අපේ ආණ්ඩුවකින් හිරේ යන්න බලාගෙන ඉන්න – NPP සභාපතිවරුන්ට දයාසිරි රතු එළි දල්වයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කිසිදු...