සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යපා මහතා සඳහන් කෙළ්, 2023 වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 150,000කට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත්, වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
ගාමිණි සෙනරත් යාපා මහතා වැඩිදුරටත් සදහන් කළේ, මෙම වසර අවසන් වන විට පුද්ගලයින් ලක්ෂ 03 ඉක්මවා විදේශ රැකියා සදහා පිටත්ව යනු ඇති බවට විශ්වාස කරන බවත් , එම සංඛ්‍යාලේඛන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒවා පමණක් බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
