*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ඉදිරි පැය කීපය තුළ පොළිස්පති පත් කරන බව අගමැති කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට විශාල කලබලයක් තිබුණද, අද වනතුරු ඇතැම් කොමිසන් සභා පත් කිරීම සම්පූර්ණ වී නැති අතර , ජනාධිපතිවරයාට ඇති බලතල අනුව පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් ඉදිරි පැය ගණනාව තුළ සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. එය අති බරපතල ප්‍රශ්නයක් බවත් එය කාගේත් වගකීමක් බවත් පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායකවරයා සහ පා.ම. ඩලස් අලහප්පෙරුම මහතා අද (07) දිනයේ පාර්ලිමේන්තුවේදී, නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනුයි .

තව දුරටත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රජය, ඉන්දියාවේද සහය ඇතිව නවීන තාක්ෂණයද යොදාගනිමින් තොරතුරු රැස්කර, අඛණ්ඩ වැඩපිළිවෙළක් යොදා ඇතැයිද, ඒ සඳහා තදබල ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක අංශ අවතීර්ණ වී ඇති බවයි .

අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඇතැම් කේන්ද්‍රීය අධ්‍යාපන ආයතන පිරී තිබෙන නගරවල මත්ද්‍රව්‍ය පැතිරීම ගැන තොරතුරු ඇති නිසා, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නීතිරීතිද තදබල ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan