*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

බැඳුම්කර චෝදනාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී . සමරසිරි මහතා නිදහස්

කොළඹ (LNW): බැදුම්කර වෙන්දේසියෙන් ලබා ගත් මුදල් කවර සමාගම් සහ අධ්‍යක්ෂවරුන් යටතේ බැහැර කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශනයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී . සමරසිරි මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළේය .

මෙම සැකකරු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශන සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීම මත අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

බැඳුම්කර සිද්ධියට අදාළව විමර්ශන තුනක් යටතේ පරීක්ෂණ ආරම්භ කළ බවත් , ඉන් එක් විමර්ශනයක් අවසන් කර කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු පවරා ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩු තුනටම අදාලව මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.

ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීමෙන් 2016 වර්ෂයේ දී අක්‍රමිකතාවක් සිදු කර රජයට පාඩු කළා යැයි කියන සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ ඊයේ (06) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම බැඳුම්කර සිද්ධිය ගැන සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් , පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් පර්පෙචුවල් සමාගම , එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධ පලිහේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් , එම සමාගම් සමූහයේ අධ්‍යක්ෂ පුෂ්ප මිත්‍ර ගුණවර්ධන , චිත්‍රා රන්ජන් හුළුගල්ල, මුතු රාජා සුරේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනි ගේ සමරසිරි යන අය වේ.

ඒ අනුව මෙහි දස වැනි සැකකරු වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා මුදා හැරීමට ඊයේ (06) අධිකරණය නියෝග කළේය .

මෙම සැකකරුවන්ගෙන් අටදෙනෙක් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ ඊයේ (06) පෙනී සිටියහ.

2015 වර්ෂයට අදාළ බැඳුම්කර නිකුතුවට අදාළ ව නීතිපතිවරයා විසින් නිකුත් කළ 2019 වර්ෂයේ ජුනි 28 වැනි දා සැකකරුවන්ට එරෙහි විශේෂ තිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර මේ වන විට එම නඩු විභාග වෙමින් පවතී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan