වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලියි – නීතිපති

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

අද (08) දින ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළ බව සඳහන් වේ.

අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් ඇය සඳහන් කර ඇත.

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කෙරෙමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා ඇති අතර,   අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුකෙරේ. 

මේ වනවිට නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වන අතර,මෙම පෙත්සම පසුගිය දා ඉදිරිපත් කර තිබුණේ, ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...