රාජ්‍ය ණයවල අඩු වීමක්!

කොළඹ LNW:2024 අප්‍රේල් මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2.76% (රුපියල් බිලියන 803.2) කින් අඩු වූ අතර, 2023 දෙසැම්බර් 31 දින රුපියල් බිලියන 29,150.4 සිට 2024 අප්‍රේල් 30 වන දින රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වී තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මුළු විදේශ ණය තොගය රුපියල් බිලියන 12,076.7 සිට රුපියල් බිලියන 10,963.3 දක්වා 9.2%ක (රුපියල් බිලියන 1,113.4) අඩුවක්ද සිදුව තිබෙන අතර මුළු දේශීය ණය තොගය රුපියල් බිලියන 17,073.7 සිට රුපියල් බිලියන 17,383.9 දක්වා 1.8% (රුපියල් බිලියන 310.2) කින් සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇත.

මෙම දේශීය ණය වැඩිවීම මහ බැංකු මූල්‍යකරණයෙන් තොරව අයවැය කළමනාකරණය කිරීමට අප දරන උත්සාහයේ ප්‍රතිඵලයක් වන අතර විනිමය අනුපාතිකය ශක්තිමත් වීම විදේශ ණය තොග අඩුවීමට හේතුක් වී තිබෙන බවයි සේමසිංහ මහතා තවදුරටත් සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...