විශ්‍රාම වැටුප් ප්‍රමාදය අවසන් කිරීමට නව මඟක්…

රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ LNW :

විශ්‍රාම යන රාජ්‍ය නිලධාරීන්ට හෙට සිට විශේෂ මාර්ගගත දැනුම්වත් කිරීමේ සැසි මාලාවක්

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවසන් කිරීමේ අරමුණින්, විශ්‍රාම ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් විශේෂ මාර්ගගත (Online) දැනුම්වත් කිරීමේ සැසි මාලාවක් පැවැත්වීමේ වැඩපිළිවෙළක් හෙට (09) සිට ආරම්භ කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විශ්‍රාම වැටුප් කිසිදු ප්‍රමාදයකින් තොරව, නියමිත වේලාවට ලබා ගැනීම සෑම රාජ්‍ය නිලධාරියකු සතු අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම සුරක්ෂිත කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම දිවිය සුවදායී ලෙස ආරම්භ කිරීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීම මෙම විශේෂ වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වී ඇත. ඒ අනුව, ඉදිරි මාස හය ඇතුළත විශ්‍රාම ගැනීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් මෙම විශේෂ දැනුවත් කිරීමේ සැසි මාලාව ක්‍රියාත්මක වේ.

විශ්‍රාම වැටුප් ක්‍රියාවලියේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා නිලධාරියකු ලෙස තමන් සතු වගකීම් සහ භූමිකාව පිළිබඳව මෙහිදී පුළුල් ලෙස දැනුවත් කෙරෙනු ඇත.

මෙම විශේෂ පුහුණු සැසි මාලාවට එක්වීමෙන් රාජ්‍ය නිලධාරීන්ට වැදගත් ප්‍රතිලාභ රැසක් හිමි වේ. විශ්‍රාම වැටුප් අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කරන ආකාරය, අවශ්‍ය ලියකියවිලි කල්තියා සූදානම් කර ගන්නා ආකාරය මෙන්ම විශ්‍රාම වැටුප් ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීමට ගත යුතු පියවර පිළිබඳව ද මෙහිදී සවිස්තරාත්මක දැනුමක් ලබාදීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළේ පළමු සැසිය හෙට (09) පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) මෘදුකාංගය ඔස්සේ පැවැත්වේ.

සැසියට සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු පහත පරිදි වේ:

  • Meeting ID: 466 100 162 633 06
  • Passcode: yH6Zb9BL
  • Link: https://teams.microsoft.com/meet/46610016263306…

රාජ්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාවය පරිදි මෙහි දෙමළ මාධ්‍ය සැසියක් ද ඉදිරියේදී පැවැත්වීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. එබැවින්, නුදුරේදීම විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන සියලුම නිලධාරීන්ට තම අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් මෙම වටිනා අවස්ථාව මඟ නොහරින ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...