සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරානය සමඟ පැවති සටන් විරාමය තවදුරටත් වලංගු නොවන බව ප්රකාශ කර තිබේ. තුර්කියේ අන්කාරා නුවර පැවති නේටෝ සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර, ඉරාන නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් ඔවුන් “දූෂිත සහ අසනීප මනසක් ඇති තුවාලකරුවන්” ලෙසද හැඳින්වීය.
ට්රම්ප්ගේ ප්රකාශයට අනුව, ඊයේ(06) රාත්රියේදී එක්සත් ජනපද හමුදාව හෝමූස් සමුද්ර සන්ධිය ආශ්රිතව පිහිටි ඉරාන ඉලක්ක 80කට වැඩි සංඛ්යාවකට ප්රහාර එල්ල කර තිබේ. එමෙන්ම, වාණිජ නෞකා තුනකට ඉරානය විසින් ප්රහාර එල්ල කළ බවට චෝදනා කරමින්, ටෙහෙරානයට අදාළව ලබාදී තිබූ තාවකාලික තෙල් සම්බාධක සහනයද අවලංගු කළ බව ඔහු සඳහන් කළේය.
එහිදී ජනාධිපතිවරයා නේටෝ සන්ධානය පිළිබඳවද දැඩි කලකිරීම පළ කළකර තිබූ අතර ඉරානය “ත්රස්තවාදයට රාජ්ය අනුග්රහය ලබාදෙන ප්රධාන රට” ලෙස හැඳින්වූ ඔහු, එවැනි තත්ත්වයක් මධ්යයේ සන්ධාන සාමාජික රටවල් බොහොමයක් එක්සත් ජනපදයට ප්රමාණවත් සහයෝගයක් ලබා නොදෙන බවට චෝදනා කළේය.
විශේෂයෙන්ම, එක්සත් රාජධානිය හැර අනෙකුත් බොහෝ යුරෝපීය රටවල් තම ගුවන් කඳවුරු භාවිත කරමින් ඉරානයට එරෙහි ගුවන් ප්රහාර මෙහෙයුම් සිදු කිරීමට අවසර ලබා නොදුන් බවද ට්රම්ප් සඳහන් කළේය.
මෙම ප්රකාශ සහ යුද ක්රියාමාර්ග හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් විය හැකි අතර, ජාත්යන්තර ප්රජාව මෙම අර්බුදය තවත් උග්ර නොවන ලෙස රාජ්යතාන්ත්රික විසඳුම් සඳහා අවධානය යොමු කරමින් සිටී.

